‘ලෙඩා මළා: බේත් එපා’: වදකාර ඇමැතුමට බාස්ගෙන් පිළිතුරක්


 මොහු ගමේ වඩුබාස් කෙනෙකි. රූපවාහිනියේ ප්‍රචාරය වන දැන්වීම දැක ඔහුද ඖෂධ ලබා ගැනීම සඳහා ඒ ගැන විමසීමට දුරකථන ඇමතුමක් දුන්නේය. එදා සිට මොහුට නිවනක් නැත. දිනකට හත් අට වතාවක් ඔහුට එම ආයතනයේ ඇමතුම් ලැබෙන්නට විය.


“ගෙදර ඉන්න වෙලාවක් කියන්න. ගෙදර අය දැනුම්වත් කර තියන්න. අපි ඖෂධ ගෙදරට ගෙනැත් දෙනවා. මුදල් ලෑස්ති කර තියන්න”. ඒ ලැබෙන ඇමතුම්ය.  රුපියල් දහස් ගණනක් ගෙවා බේත් ලබාගෙන  ඒක වැරදුණොත් කාට කියන්නදැයි වඩුබාස්ට සිතුණු අවස්ථාද විය.


දිනක් මොහු නිවෙසක වහලයක් සැකසීම සඳහා වහලය මත සිටියදී ජංගම දුරකතනය හඩ දුන්නේය. 


බිම සිටි ගෝලයා “බාස් උන්නැහැ පෝන් එක වදිනවා” යැයි කෑ ගැසීය. 


වහලෙන් බැස්ස වඩු බාස් දුරකථන ඇමතුම හා සම්බන්ධ විය. 


ඒ ඇමතුමක් අදාළ ආයතනයෙනි යකා නැග්ග වඩු බාස් ඒ ලෙඩා ඊයේ මළා. දැන්  බේත්  උවමනා නැතැයි මොර දුන්නේය. ඊට පසු යළි කිසිදා ඔහුට එම ආයතනයෙන් දුරකථන ඇමතුම් ලැබුණ් නැහැ. 
(හරිස්චන්ද්‍ර කහවල)