(බමුණාකොටුව එච්.එම්.එන්. හේරත්)
ප්‍රධාන පෙළේ යයි කියන හෝටලයකට තේ බීමට ගිය පුද්ගලයකුට විනාඩි 20ක් පමණ කෝප්ප හිස් වනතුරු බලා සිටීමට සිදුවූ බව කියන පුවතක් වාරියපොළ ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

වැඩක් කරගන්න වාරියපොළ නගරයට පැමිණි පුද්ගලයකුට ඇතිවූ තද බඩගින්න නිසා තේ එකක් බීමේ අදහසින් හෝටලයකට ගොස් තේ එකක් ඉල්ලා ඇති නමුත් තේ එක ලැබී ඇත්තේ බනිස් එක කා විනාඩි 20ක් පමණ ගිය පසුය.
කීප අවස්ථාවක්ම තේ ඉල්ලා ඇතත් එක් සේවකයකු පවසා ඇත්තේ කඩෙන් කෝප්ප ගේනකන් ඉන්නා ලෙසය. තවත් සේවකයකු පවසා ඇත්තේ කට්ටිය තේ බී අවසන්වන තෙක් ඉන්නා ලෙසය.
තේ ප්‍රමාදවීම නිසා කෝපයට පත්වූ ඔහු හෝටල් අයිතිකරුට මේ බව දන්වා ඇති අතර හෝටලය පිටුපසට අරන් ගිය කෝප්ප ටික ගේන්න යයි සේවකයාට අයිතිකරු දැන් වූයෙන් කෝප්ප ගේන්න හෝටලය පිටුපසට ගිය සේවකයා තවම කට්ටිය වැඩ ඉවර නැහැ යනුවෙන් හෝටල් අයිතිකරුට දන්වා ඇත. එහිදී හෝටල් අයිතිකරු කීවේ ‘ඔයාලා බනිස් කාලා තේ ඉල්ලනවා. තවත් පිරිසක් සිගරැට් අරගෙන තේ ඉල්ලනවා’ යනුවෙනි. තේ බොන්න ආ තවත් පිරිසක් කෝප්ප නැති නිසා හෝටලයෙන් පිටවී ගොස් ඇත.

