හොරා සමාව ඉල්ලා ලිපියක් ලියා හොරබඩු යළි අයිතිකරුටම එවලා


(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ භාණ්ඩ සොරාගත් සොරෙකු පසුව සී.සී.ටී.වී. කැමරාවලට බියෙන් සොරාගත් එම බඩු, සමාව ගැනීමේ ලිපියක්ද සමග ව්‍යාපාරිකයාට එවීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මෙම සොරා සොරකම නුහුරු අයෙකි. ඔහු නිතර ආගිය නගරයේ දුරකථන උපාංග හා සේවා ව්‍යාපාරික ස්ථානයේ ඇති දෑ සොරකම් කර තමා සතු කර ගැනීම සඳහා රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානය බිඳ තමාට අවශ්‍ය දෑ ලොකු ෂොපින් බෑග් දෙකකට පුරවාගෙන ආපසු නිවසට ගොස් ඇත.


සී.සී.ටී.වී කැමරා ගැන නොදැන සිටි සොරා පසුව මිතුරෙකුගෙන් ඒ පිළිබඳව දැනුවත් වී සොරාගන්නා ලද බඩු බෑග් දෙක සමග සිදුවූ දෙයට සමාවන ලෙසට ලිපියක් ලියා එය ද බඩු බෑග් තුළට දමා ඒවා රහසේම එම නිවස අසලින් තබා ගොස් ඇත.


මෙය ඇස ගැටුණු ව්‍යාපාරිකයා මේ සියල්ලම රැගෙන පොලිසියට ගොස් ඇත.