(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
සෞඛ්‍යා රක්ෂක ක්‍රම අනුගමනය කරමින් සොරකමේ ගිය සොරකු පොලිසියට කොටුවී වෙනත් චෝදනාවකට පොලිසියේ ලැගීමට වූ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
රට තුළ පවතින තත්ත්වය අනුව ජනතාව විවිධ අගහිඟකම්වලට මුහුණ දෙමින් සිටින අවධියක සොරකමේ ගිය මෙම පුද්ගලයාටද ගෙදර අගහිඟකම් ඇතිවිය. රජයෙන් ලැබුණ රුපියල් පන්දාහේ දීමනා වියදම් වී අවසානය.
උයන්න පොල් නැතැයි බිරිඳ රාත්‍රියේ කෑගැසුවාය. අසල්වැසි නිවසක කුස්සිය පිටුපස පොල් ගොඩක් තිබූ බව මොහුට සිහිපත් විය.
දෑත් සෝදා මුඛ ආවරණ පැළඳ රෙද්දක්ද පොරවාගෙන අඳුරේම නිවස වටා කැරකී පොල් ගෙඩි දෙකක්ද රැගෙන ඔහු ආපසු නිවෙසට පැමිණියේය. වැඩේ සාර්ථක බව වැටහිණි. ඔහු එය දින කීපයක්ම කළේය.
එයින් පසුවද පෙර ලෙස සෞඛ්‍යරක්ෂිතව සැරසී මොහු එම නිවෙස වටා දින කීපයක්ම ගැවසී කල්යල් බලා ඇත. නිවසේ සැමියා විදේශ ගතව බිරිය සහ දරුවා පමණක් නිවසේ සිට ඇත. එම කාන්තාවටද දින කීපයක් කිසිවකු නිවෙස වටා ගැවසෙනු දැනී අය මේ බව පොලිසියටද පැමිණිලි කර තිබිණි.
මෙදින ද මෙසේ නිවෙස අසල සැරිසරමින් සිටි පුද්ගලයා පොලිසියට කොටුවිය. නිවැසි කාන්තාව කියා ඇත්තේ මෙලෙස සෞඛ්යාරක්ෂිත ලෙස පැමිණ ඇත්තේ සොරකමකට නොව තමාට අතවරයක් කිරීමට විය හැකි බවයි.
මේ නිසා ඔහු නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නා පමණක් නොව දවස් ගණනාවක් කූඩුවේ ළගින්නට සිදුවිය.