හොර අඹුවගේ ගෙට රිංගන සංඥාව වැරදී සැමියාගෙන් ගුටි


හොර අඹුවගේ සංඥාව වැරදී ගෙට පැන සැමියාගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
ඇයගේ සැමියා දිනපතා රාති‍්‍ර කාලයේ පෞද්ගලික ආයතනයක මුරට යන අතර එම දිනවලදී ඇය වෙනත් පුද්ගලයකු රාති‍්‍ර කාලයේ නිවසට ගෙන්වා ගැනීම සිරිතක්ව පැවතීය. සැමියා සාමාන්‍යයෙන් වැඩට යන්නේ රාති‍්‍ර නවයට පමණ වන අතර ඔහු වැඩට යනතුරු අනෙක් පුද්ගලයා අසල ඇති ලඳු කැලෑවක සිට බලා සිටියි. පසුව සැමියා ගිය බව දන්වන්න ඇය එළියේ බල්බය නිවා යළි දමයි. එවිට පඳුර අස්සේ සිටි පුද්ගලයා ඇයගේ ජංගම දුරකතනයට කතාකර කැඞී ගිය ජනේලයෙන් ඇයගේ කාමරයට රිංගා පසුදා ඔහු පැමිධෑමට පෙර නිවෙසින් පිටව යයි.

සිද්ධිය වූ දිනයේ මොහු නියමිත වෙලාවට පැමිණිය ද පැය භාගයක් ගත වුවත් සංඥාව ලැබී නැත. නොඉවසිල්ලෙන් ඇයගේ ජංගම දුරකතනයට කතා කළ ද
ප‍්‍රතිචාරයක් නොමැති විය. ගතවූයේ සුළු කාලයකි. එළියේ බල්බය නිවී දැල්වී ගියේය. සතුටින් කුල්මත් වූ ඔහු ඇයගේ දුරකතනයට කතා නොකරම ගොස් ජනේලයෙන් කාමරයට පැන්න අතර කලබල වූ සැමියා ‘මෙන්න හොරෙක්’ යැයි කෑගසමින් ඇඳ පොල්ලෙන් පහරදී තිබේ