(චාමිනි වික්‍රමසිංහ)
සබරගමුව පළාතේ රජයේ රෝහලකි. දෙහැවිරිදි දරුවකු සිය පියා සමඟ රෝහලට ගියේ ඇඟිල්ලේ වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමටය.
දරුවා තුවාලයට බෙහෙත් දමන විට සිනාමුසු මුහුණින් සිටියේය.
තුවාලයට බෙහෙත් දැමූ හෙදිය ද පැවැසුවේ “අනේ, මේ බබා හරි හොඳයි. පොඞ්ඩක්වත් ඇඬුවේ නෑ” කියාය.
නිවසට පැමිණි විට දරුවාගේ තුවාලය ඒ ආකාරයෙන්ම තිබෙනු දැක මව්පියෝ විශ්මිත වූහ.
හෙදිය බෙහෙත් දමා ඇත්තේ වෙනත් ඇඟිල්ලකටය. නැවත රෝහලට ගොස් ඒ පිළිබඳව කළ විමසීමක දී හෙදිය නිවැරදි ඇඟිල්ලට බෙහෙත් දමා ඇත්තේ දරුවාගේ පියාට ද සද්දයක් දමමිනි.

