කැලණිය ලාල් එස්. කුමාර
සිහිනෙන් විනෝද චාරිකාවක් ගිය සැමියා නිසා අපහසුතාවට පත් බිරියක් කළ දෙයින් සැමියා රෝහල්ගත කිරීමට සිදුවූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
තම ගමේ වැඩිහිටි සංවිධානය මගින් වන්දනා හා විනෝද චාරිකාවක් යාමට තීරණය කර තිබුණි. එය ඊළඟ සති අන්තයේ යාමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව මෙම යුවළ ද කැමැත්ත පළ කළහ. මේ ගමන පිළිබඳව සැමියා නිතර නිතර තම බිරිය සමග කතා කළ අතර ඒ සඳහා අවශ්‍ය බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් සකස් කර ගමනට සූදානම් විය. ඊට පෙරදින රාත්‍රි මොවුන් නින්දට ගියේ ද ඒ ගමන ගැන කතා කිරීමෙන් අනතුරුවයි.
නින්දට ගිය සැමියා සිහිනයක් දුටුවේය. ඒ චාරිකාව යන අයුරුයි. තම කණ්ඩායම විහාරස්ථානයක් වැඳ පුදාගෙන එන අතරතුර ඔහුට මුත්‍ර බරක් ඇති විය. වටපිට බැලූ ඔහු තම කණ්ඩායම එනතුරු බලා නොසිට ඉක්මනින් පැමිණියේ මුත්‍ර කිරීමට සුදුසු ස්ථානයක් සොයමිනි. ඒ අතරතුර දී කිසිවකුත් නැති ගසක් පාමුලට ගොස් ඔහු මුත්‍ර කරන්නට විය.
ගතවූයේ තප්පර කීපයකි. ඔහු සමඟ නිදා සිටි බිරියගේ, ඇඟට තෙතමනයක් දැනී ක්ෂණිකව නින්දෙන් අවදි විය. කාරණාව සැනෙකින් තේරුම් ගත් ඇය සැමියා තල්ලු කළේ ඔහු අවදි කිරීමේ අරමුණෙනි.
මුත්‍ර කරමින් සිටි සැමියා ඇඳෙන් බිමට වැටුණේය. ඒ සමගම බිම තිබුණ යමක ගැටී කකුලක් ද තුවාල විය. තත්ත්වය තරමක් දරුණු විය. ඔහුට රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගන්නට විය.
පසුදින උදෑසන වන්දනා ගමන යාමට මෙම යුවළ නොපැමිණි බැවින් ඒ පිළිබඳව ඇයට දුරකතන ඇමතුමක් දුන්නේය.
ඇය සැබෑ සිද්ධිය නොකියන්නට වගබලා ගත්තාය. තම සැමියා ඇඳෙන් වැටී තුවාල ලබා ඇති බව පැවසුවාය.
සතියක් ගතවීමට පෙර සැබෑ සිද්ධිය එළියට ආවේය. දැන් දැන් ඔහුගෙන් ගමනක් යමුදැයි අසද්දී හොඳ පදෙන්ම සංග්‍රහ කරන්නේ කටේ දිවේ නොගෑවීය.