(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
තම හැදුනුම්පත ලබා ගැනීම සදහා දහඅට (18) වතාවක් ඡායාරූප ගැනීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳ මහනුවර රටේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
කලක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කොට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු තම පැරණි හැඳුනුම්පතේ ඇති අපැහැදිලිතාවය නිසා නව හැඳුනුම්පතක් ලබා ගැනීමට අයදුම් කිරීමේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇත.
ඔහු පවසන්නේ වර්තමානයේ හැඳුනුම්පතට අදාළ ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ අදාළ ආයතනයට යොමු කළ යුතු අතර ඒ සඳහා තමා ඡායාරූප ශාලාවකට ගොස් හැඳුනුම්පතට අදාළ ඡායාරූපය ගත් බවත් එය අන්තර්ජාලය ඔස්සේ යොමුකිරීමේ දී අදාළ නිර්ණායක සම්පූර්ණ නොවීම නිසා වැඩි වාර ගණනක් ප්‍රතික්ෂේප වූ බවත්ය.
එම නිසා සියලු නිර්ණායක සම්පූර්ණ වී නිවැරැදි ඡායාරූපය ගැනීමට දහඅට වතාවක් කැමරාව ඉදිරියේ පෙනී සිටීමට සිදු වූ බවත් මේ නිසා තමා දැඩි අපහසුතාවයකට පත්වූ බවත්ය.
මෙසේ ඡායාරූප ගැනීමේ අපහසුතාවය නිසා තමා දන්නා වැඩිහිටි කාන්තාවක එසේ ඡායාරූප ගැනීම අත්හැර දැමූ බවත් තමාට හැඳුනුම්පතක් ද උවමනා නැති වගක් ඔහු සමග පැවසූ බවත් මෙම පුද්ගලයා පවසා සිටී.