වාර්ෂික ක්‍රිකට් තරගයේදී ක්‍රීඩකයකු එල්ල කළ හයේ පහරට අත් පොලසන් දුන් කාන්තාවකට ජීවිතයේ කවදාවත්ම අත්විඳින්නට සිදු නොවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.
පාසල් දෙකක් අතර පැවැති ක්‍රිකට් තරගයකි. තරගය පැවතුණේ නගර මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකය. දෙවිදුහලේ මවුපියන් ආදි සිසුන් දෙපසකට වී තම විදුහලේ ජය පතා උනන්දුවෙන් කටයුතු කළහ.
සිය විදුහලේ ක්‍රීඩකයින් පහරක් ගැසූවිට වගේම කඩුල්ලක් දවාගත් විට ඔවුන්ගේ ජය ඝෝෂාවෙන් ක්‍රීඩාංගණය පිරී තිබිණි. ඔල්වරසන් හඬ, විසිල් හඬ හා පපරේ හඬද මේ අතර විය
ඔය අල්ලපනල්ලේ එක විදුහලක ක්‍රීඩකයෙක් හයේ පහරක් ගැසුවේය. මෙයින් උද්දාමයට පත් කාන්තාවක් අත්පොලසන් ගැසුවේ පැත්තම හෙල්ලුම් කමිනි. එක අත්පොලසමකින් නොනැවතුණු ඇය දිගටම අත් පොලසන් ගැසුවාය.
ඒ සමගම ඇයගේ ඇඟිල්ලේ දමා තිබූ මංගල මුද්ද ඉගිලී පිටිය වටේ තිබූ කුණු කාණු පද්ධතියට වැටී නොපෙනී ගියේය. උන්හිටි තැන් අමතක වූ ඇය කාණුවේ වැටුණු මංගල මුද්ද සෙව්වද එය සොයා ගැනීමට නොහැකිවූයේ ඇයට හීන් දහඩිය දමමින්ලු.
කරන්දෙණිය
එම්. සුසිල් ප්‍රියන්ත