හදන්න බැරි පුතාට අම්මාගෙන් යස පාඩමක්


මව ලබාදුන් ඔත්තුවක් මත ගංජා අලෙවි කළ පුතෙකු ගංජා මිලිග‍්‍රෑම් දොළොස්දහසක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. සැකකරු 29 හැවිරිදිය. ඔහු වැලිගම මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ගංජා ජාවාරම පමණක් නොව, ගංජා ඉරීමට ද තදින්ම ඇබ්බැහි වූවකු බව පොලිසිය කියයි. මේ කටයුතු නවතා දමන ලෙසට මව තදින්ම අවවාද කර ඇතත්, එයින් ඵලක් වී නොමැත.

මේ නිසා තම පුතුට නීතිමය දඬුවමක් ලබාදී හෝ යහමගට ගැනීමට තීරණය කර පොලිසියට දන්වා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී.එච්.ඞී.එම්. ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.පී.කේ. අබේසුන්දර, පොලිස් කොස්තාපල් ඞී.ඩබ්. සේපාල (59770) මහත්වරුන් විසිනි.

සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලිසිය කටයුතු කරගෙන යයි.