දෛනික රාජකාරි කාලය තුළ රාජකාරි සඳහා යැයි කාර්යාලයෙන් බැහැරව නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකරගත් සේවිකාවකට ආයතන ප්‍රධානියා විනය ක්‍රියාමාර්ගයක් ගත්තේය.

මහජන සේවය නිරන්තරයෙන් සිදුකරන ප්‍රදේශයේ ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත් රජයේ කාර්යාලයක් ග්‍රාමීය ප්‍රදේශයක විය. එම කාර්යාලයට මෑත කාලයේදී ස්ථාන මාරුවීමක් ලබාගෙන සේවිකාවක් පැමිණියාය. එසේ පැමිණි දිනවල සිටම සේවා අවශ්‍යතා සඳහා බැහැරයාම ඇය පුරුද්දක් කරගෙන සිටි බවද හෙළිවේ. දිනක් එලෙස බැහැර ගිය ඇය නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇති කරගෙන ඇති අතර අසල්වැසියන් විසින් එම අවස්ථාව රූපගත කර ඇයගේ ආයතන ප්‍රධානියාට යවා ඇත.
පැමිණිල්ලට අනුව විමර්ශනයක් පැවැත්වූ බව සැලවන අතර සේවිකාවට කට උත්තර නොමැති වී ඇති බවද පැවසේ.
ආයතන ප්‍රධානියාගේ නිර්දේශය මත එම සේවිකාවට විනයානුකූලව ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර සිද්ධිය වසන් කරගැනීමට ඇය කොතෙකුත් උත්සාහ කළද කාර්යාලය තුළ හා අවට කාර්යාලවලට ආරංචිය පැතිරයාමට වැඩි කාලයක් ගත නොවීය.
(හක්මන විශේෂ දෙනගම
යසන්ත ආරියසේන)

