මත්පැන් පානය කොට හොඳ පදමට සූර්වූ පුද්ගලයකු ගේ ඉදිරිපිට තැඹිලි ගස කපා තැඹිලි බිවූ රසවත් පුවතකි මේ. සිද්ධිය මෙසේය. ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි. මේ දවසේ ඔහුගේ බිරිය හා දරු දෙදෙනා දින තුනක චාරිකාවකට ගොස් සිටි නිසා නිවසේ සිටියේ ඔහු පමණි.
උදෑසනම අවදි වී උදය ආහාරය පිළියෙල කර මිදුල අතුගාමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණියේ දිගු කලක් විදේශ ගතව සිටි ඔහුගේ මිතුරෙකි. පෙට්ටියක අසුරන ලද රට වර්ගයේ මත්පැන් බෝතලයක් ඔහු අත තැබූ එම මිතුරා නිවසටවත් ගොඩ නොවී පිටව ගියේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා කොළඹ යාමට ඇති බවත් නැවත දිනයක එන බවත් පවසමිනි.
මත්පැන්වලට දැඩි ගිජු බවක් දක්වන මෙම පුද්ගලයා එම රට බීම බෝතලය කඩා බීමට පටන් ගත්තේ හිස් බඩටමය. පැය දෙකක් පමණ ගත වන විට බෝතලයෙන් තුන් කාලක් පමණ හිස් වූ අතර ඔහුද හිටියේ හොඳ පදමට සූර්වීය. ගමේ නිෂ්පාදන කරන කසිප්පු බීමට පුරුදුව සිටි ඔහුට මේ රට වර්ගයේ බීම බී එතරම් පුරුද්දක් නොතිබුණ අතර හදිසියේම බඬේ දැවිල්ලක් හට ගැනිණ.
තැඹිලි ගෙඩියක් බීමට වුවමනාව ඇති වූ ඔහු නිවෙස ඉදිරිපිට තැඹිලි ගසට නැගීමට කීප වරක් උත්සාහ කළද අධික වෙරිමත නිසා උත්සාහය අසාර්ථක විය. කෝපයට පත් මේ පුද්ගලයා වහා නිවස තුළට ගොස් පොරව රැුගෙන තැඹිලි ගස කපා එය බිම හෙළා තැඹිලි ගෙඩි දෙක තුනක්ම එක හුස්මට පානය කළේ මහත්වූ ප‍්‍රීතියකිනි.

