සීට්ටු සල්ලි දෑවැද්දට හිලව්


සබරගමුව පළාතේ ස්ථිර පදිංචියක් ඇති ඔහු අගනුවර ප‍්‍රධාන පෙළේ මෝටර් රථ කොටස් අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික තරුණයෙකි. 

ගම් පළාතේ ධනවත් පවුල් කීපයක් එක්ව පවත්වාගෙන ගිය මුදල් සීට්ටුවකට ඔහු ද සම්බන්ධවී සිටියේය. රුපියල් ලක්‍ෂයක මුදලක් එක්වූ මෙම සීට්ටුවේ සංවිධායකවරයාට මුල්ම සීට්ටු මුදල ලැබුණු අතර ඊළඟ වාරය හිමිවූයේ මේ ව්‍යාපාරික තරුණයාටය. ඔහු තමාට හිමි මුදල ලබාගැනීමට කීප වාරයක්ම සීට්ටු සංවිධායකවරයාගේ නිවසට ගියත් එම මුදල ලැබුණේ නැත.

ඔහු නිවසේ නොසිටි අතර මේ පිළිබඳව කතා කළේ ඔහුගේ බාල දුව ය. ගුරුවරියක වූ ඇය රූමත් ය. තමාට හිමි මුදල ගැනීමට ගිය මේ තරුණයාට ඇය පිළිබඳ විශේෂ ඇල්මක් ඇතිවී එය ආදරයක් බවට පත්වීම නිසා සීට්ටු මුදල ගැනීමට ගියත් කතා කළේ අනාගත වැඩ පිළිවෙළ ගැන ය.

පසුගියදා ඇය සිය පියාට මේ තොරතුරු කී විට පියා ” එහෙනං ඉතිං දෑවැද්දටම සීට්ටුව දෙමු” කීමෙන් ඇගේ ඉහමොළ රත් වුණාලූ.