දරු ප‍්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකුට නීත්‍යානුකූල බිරියගේ සහෝදර සහෝදරියන්ගෙන් දෙනෝ දාහක් බලා සිටියදී රෝහල අසල මහා මාර්ගයේ දී අපූරු සංග‍්‍රහයකට මුහුණදීමට සිදුවූ අතර එය නතර කිරීමට හලාවත පොලීසියට සිදුවූ බව කියති.
මෙම ස්වාමි පුරුෂයා ඔහුට නීත්‍යානුකූල බිරිය තෙවන දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටි අතර පසුගිය කාලයේදී ඒ අතරම ස්වාමි පුරුෂයා වෙනත් ඇසුරක්ද පවත්වා ගෙන යන බව දැනගත් බිරියගේ නැදෑයෝ එම සම්බන්ධතාව නතර කිරීමට කිසියම් උප්පරවැටියක් යොදමින් සිට ඇත.
එම සම්බන්ධය හෙළි නොකර දිගටම පවත්වාගෙන යාමට ස්වාමි පුරුෂයා උප්පරවැට්ටි යොදා ඇති අතර විවාහක බිරියට මෙය දරුණු ආකාරයේ හිත රිදවන්නක් වුවත් සිය සැමියාගේ මෙම හොර වැඬේ අල්ලා ගැනීම ඇයට විශාල ප‍්‍රශ්නයක් වී ඇත. මේ බව ඇය සිය සහෝදර සහෝදරියන්ටද පවසා සිටියත් ඔවුන්ට එම බැඳීම හෙළිකර ගැනීමට නොහැකි වන ආකාරයෙන් දිගටම සැමියා කටයුතු කර ඇත.
මේ අතර බිරිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර රෝහලේ වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඇය සිසේරියන් සැත්කමකට භාජනය කළ යුතු බවත් ඒ නිසා ඇගේ උදව්වට කෙනෙකු ඇය සමඟ රැඳවිය යුතු බවත්ය.
මෙහිදී සැමියා කාන්තාවක් ඉන්නවා ඇය ගෙනා හැකි බව සිය බිරියට දන්වා සිටි අතර මෙහිදී බිරිය සැමියා ගෙන එන්නේ ඔහුගේ අනියම් බිරිය යයි සිතා මේ බව සිය ඥාතීන්ට දන්වා ඇත. ඔවුන්ද මේ අනුව විමසිලිමත්ව සිටි අතර සියලූ තතු හෙළිකර ගෙන සැමියා කාන්තාවක් රැගෙන රෝහල කරා එන අතර මග රැුකසිට ඇය නතර කර ප‍්‍රශ්න කළ විට බියට පත් ඇය තමා මෙම සැමියා සමඟ අනියමින් පවුල් කන බව පිළිගත් අතර එහිදී කෝපයට පත් සහෝදර සහෝදරියන් දෙදෙනාටම ඇඟ රත්වන ලෙසින් සංග‍්‍රහයක් කර ඇත.
මේ අවස්ථාවේදී එම ස්ථානයෙන් ගිය පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය දැක ඔවුන් පොලීසියට ගෙන ගිය අවස්ථාවේදී ද අනියම් බිරිය කියා ඇත්තේ තමාට මෙම පුරුෂයා අවශ්‍ය බවයි. පසුව එය විසඳා ගන්නා ලෙසට අවවාද කර ඔවුන් මුදාහැර ඇත.

