සැමියාගේ උප්පරවැට්ටියෙන් බිරියට යකා වැහිලා


ගම්පහ පැත්තේ ජීවත්වන මේ යුවළ විශ්‍රාමයෙන් පසු නිවෙසට කොටු වූයේ සිය එකම දියණිය විවාහ වී අගනුවර පදිංචිවීම නිසාය. පසුගියදා බිරිඳ සැමියාට කීවේ “මට නං දැන් බත් තම්බ තම්බ ඉඳල එපාවෙලා. සතියකට හරි ගමනක් ගිහින් විවේක ගන්න ඕනෑ” කියාය. “අර පහළ ගෙදර සුසිලා නං හැමදාම කොහේ හරි යනවා” ඇය කීවාය. සුසිලා චරිතය අතින් එතරම් හොඳ එකියක නොවන බව මේ දෙදෙනාම දනී. බිරිඳගේ අභියාචනයට කන්දුන් සැමියා ඇය කොළඹ දුවගේ ගෙදර යැවූ අතර දෙදිනකට පසු ඇය සැමියාට දුරකතනයෙන් ඇමතුවාය.

සැමියා මෙසේ කීය. “මට කෑම අතින් නං ගැටලුවක් නෑ. සුසිලා නංගි උදේට රෑට ඇවිත් උයලා දීල යනවා. හොඳ කෙල්ල” ඔහු බිරිඳට කීවේ බොරුවකි. “මොකක්” බිරිඳ ඇසුවේ කෝපයෙනි “අනේ ඔව්. මම ඉඳල හිටල පොල් ටිකකුත් ගාලා දෙනවා” ඔහු කිවේය. “පොල්ෟ” ඇය යළිත් කීවේ කෝපයෙනි. ඇය දුරකථන ඇමතුම විසන්ධි කළ අතර එදිනම සවස නිවෙසට දිවගෙන ආවේ “කෝ අරකි” කියාගෙනලු.

(තිහගොඩ - උපසේන ලියනගම)