එම පවුලේ සිටියේ පියා, මව සහ දියණිය පමණි.
දිනක් මව දිවා ආහාරය පිළියෙළ කර සැමියාට සහ දියණියට අයත් පිඟන් වලට බෙදා තම පිඟානටද ආහාර බෙදා ගත්තාය. අනතුරුව ඇය ”ඇවිල්ලා කෑම කන්න” යැයි අඬ ගසමින් සාලයට ගියාය.
මුලින්ම පැමිණි පියා තම පිඟාන යැයි වරදවා සිය බිරිඳගේ බත් පිඟාන ගෙන එයට අත දැමුවා පමණි. හනිකට එතැනට පැමිණි බිරිඳ ” ඕක මගේ පිඟාන” යැයි පවසමින් ක්ෂණිකව තම පිඟාන උදුරා ගත්තාය.
පිඟානේ බත් සැමියා අතගා තිබෙනු දුටු බිරිඳ ”මේක මට එපා” යැයි කෝපයෙන් පැවසුවාය. එවිට දියණිය, ” එහෙනන් මෙන්න මගේ කෑම එක කන්නැයි” මවට පැවසූ විට ”එපා මට එපා. තව කෙනෙක් අත ගෑවාට පස්සෙ මට කන්න බැහැ. අප්පිරියයි.” යනුවෙන් කීවාය.
”බැඳපු අලූත නම් මගේ පිඟානේ කෑම එකෙන් බාගේ ඉල්ලලා කන එක්කෙනාට දැන් ඒවා අමතක වෙලා. අප්පිරියයිලූ. පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.” සැමියා හැඟීම්බරව පැවසීය.

