(පොල්ගස් ඕවිට එස්. වික‍්‍රමආරච්චි)
දෙන්න දෙමහල්ලන්ගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන හිතවත්කම් නිසා ප‍්‍රදේශයේ පවත්වනු ලබන වෙසක් දන්සලට ද එකිනෙකා පරයා දෙදෙනා විසින් අනුග‍්‍රහ දැක්වූ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේ.
දෙදෙනාම එකතුව සමගියෙන් පවත්වාගෙන ගිය කුඩා ව්‍යාපාරයකි. එකම වහලක් යට එකට පවත්වාගෙන ගියත් මෑතක සිට දෙදෙනා සිටින්නේ දේශපාලන වශයෙන් බල කඳවුරු දෙකකය. දේශපාලනය කතා කළොත් දෙදෙනා කැත්තට පොල්ල මෙනි. මෙයින් වඩාත් ඔරොප්පුවන්නේ ව්‍යාපාරික කාන්තාවයි. මේ දෙදෙනාගේ විරසකය මතින් වාසි සලසා ගන්නා. අයද නැතුවා නොවේ.
දෙදෙනාගේ මේ දේශපාලන පිල් බෙදීම නිසා තරුණ පිරිස ඔවුන් හඳුන්වන්නේ ”.........පිළ’’ සහ ”........ පිළ” වශයෙනි.
කෙසේ වෙතත් ව්‍යාපාරික කටයුතුවලින් ඉකුත් අවුරුදු සමයේද දෙදෙනාගේ අතමිට හොඳටම සරුවිය.
ඉකුත් දිනෙක ප‍්‍රදේශයේ වෙසක් දන්සලට ආධාර එකතු කිරීමට තරුණ පිරිසක් මෙම ව්‍යාපාරික ස්ථානයට ගියහ. ඔවුන් සමඟ දේශපාලනය ටිකක් කතාකළ ව්‍යාපරිකයා රු. 5000 ක් පරිත්‍යාග කළේය. තරුණ පිරිස එතැනින් නික්ම යනවිට පැමිණි ව්‍යාපාරික කාන්තාව ද ඔවුන් සමඟ වත්මන් දේශපාලනය ගැන කතා කළාය. ස්වාමියා රු. 5000 ක් දී ඇති බවද ඇය දැන ගත්තාය. වහා නිවසට ගොස් පැමිණි ඇය තරුණ පිරිස අත ඇයගෙන් ද රු. 7000 ක් තැබුවාලූ.

