කොළඹින් දුර බැහැර ප්‍රදේශයක විශේෂ වැඩසටහන් කටයුත්තක් සඳහා පැමිණි මාධ්‍ය ආයතනයක කාර්ය මණ්ඩලයේ පිරිසකට අකරතැම්බයකට මුහුණ දීමට සිදුවූ පුවතක් වාර්තා වෙයි.
ඔවුන් එම ගම් ප්‍රදේශයට ගොස් එහි අවන්හලක පැවති සාදයකට සහභාගි වූ අවස්ථාවේ එහි පැමිණි පුංචි සභා මන්ත්‍රීවරුන් තිබූ සියලු ඌරුමස් කටගැස්ම ඇතුළු පිඟන් කීපයක් භුක්ති විඳ අවසානයේ අවන්හලේ බිලද නොගෙවා මාරුවී යාම නිසා ඌරුමස් පිඟන් කිහිපයකට රුපියල් 12,000/- ක ගාස්තුවක් ඇතුළු අවන්හලේ අනෙකුත් ආහාරපාන සඳහා රුපියල් පනස් දහසක පමණ මුදලක් කොළඹින් ගිය මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයට ගෙවීමට සිදුවීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතා තත්ත්වයකටද මුහුණදී තිබේ.
මෙම සාදය සංවිධානය කර ඇත්තේද මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයේ හිතවතකු වූ පුංචි සභාවේ සේවය කරන සේවකයකු මැදිහත් වීමෙන් බවද වාර්තා විය.
තමන් මුහුණ දුන් දැඩි අපහසුතාව විඳගත් කොළඹින් පැමිණි කණ්ඩායමට තම අතේ වියදමින් අවන්හලේ ආහාරපාන ගාස්තු ගෙවා ආපසු කොළඹ බලා ගියේ සාදය සංවිධානය කළ තම හිතවතාටද දෙහි කපමිනි.
පුංචි සභා මන්ත්‍රීවරුන් සාදයට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සගයාගේ ඇරයුමෙන් බවද හෙළිවිය.
ජේ.ඒ.එල්. ජයසිංහ