කොළඹට නුදුරු නගරයක බස්නැවතුම් පොළක් අසල බිම වාඩි වී හිඟමනේ යෙදෙන අන්ධ හිඟන්නෙක් සිටියේය.
ඔහුගේ සහායට අවුරුදු 16ක් පමණ වයසැති කොලූ ගැටයෙක් ද විය. ”කරුණාකර මේ අන්ධ හිඟන්නාට ඔබේ ආධාරය ලබා දෙන්න.” යනුවෙන් සඳහන් පුවරුවක් ඔහු අසලින්ම තබා තිබේ. මේ අන්ධ හිඟන්නා මුලින්ම කරන්නේ සෙනඟ එක්රැුස් කර ගැනීම සඳහා ගීත කීපයක් ගායනා කිරීමයි.
ගීතවල තාලයට අනුව රබාන ගසන්නේ කොලූ ගැටයායි. අන්ධ හිඟන්නාගේ ගීත ඇසීමට නගරයේත් බස්නැවතුම්පොළේත් සෑහෙන පිරිසක් දිනපතාම මේ ස්ථානයට ඇදී ආහ.
දිනක් හරි අපූරු දෙයක් සිදුවිය. කොලූ ගැටයා කුඩා පෙට්ටිය ද රැුගෙන සෙනඟ අතරට ගියේය. වෙනදාට වැඩියෙන් මුදලක් එක්කාසු කර ගත් කොලූ ගැටයා ආපසු අන්ධ හිඟන්නා වෙත පැමිණ මුදල් පෙට්ටිය බිමින් තැබීය.
ඒ දෙස උකුසු ඇසින් බලා සිටි ගැටකපන්නෙකු පිරිස අතරේ සිටි බව කිසිවකු දැන සිටියේ නැත. කොලූ ගැටයා මුදල් පෙට්ටිය අසලින් මදකට ඈත් වී රැුස්ව සිටි පිරිස අතරේ කෙනකු සමග කතා කරන්නට පටන් ගත්තා පමනි. ගැටකපන්නා වහාම ඉදිරියට පැමිණ මුදල් පෙට්ටිය රැුගෙන දුවන්නට පටන් ගත්තේ විදුලි වේගයෙනි. ඒ දුටු හිඟන්නා කෑගසන්නට විය. ”කොල්ලෝ, අන්න අරූ සල්ලි පෙට්ටිය අරන් දිව්වා.
ඉක්මනට පස්සෙන් එළවලා අල්ලගමු.” කොලූ ගැටයා සමග සෙනඟ තල්ලූකරගෙන අන්ධ හිඟන්නා ගැටකපන්නා පසුපස වේගයෙන් එළවාගෙන ගියේ රැුස්ව සිටි පිරිස විශ්මයට පත් කරමිනි.

