සර් කෙනෙකු නොව පාමසියක් බැඳගත් මනාලියක්


 ඔහු අගනුවර ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. තම සේවාව ගැනම කැපවී සිටීම නිසා  විවාහය තරමක් ප්‍රමාද වුවත් සොයාගත් මනාලිය රූමත් එකියක වීම ඔහුගේ සතුටට හේතු විය. මංගල්‍යය අගනුවර සුපිරි උත්සව ශාලාවක පැවැත්වූ අතර මධුසමය සඳහා ද එහිම විශේෂ කාමරයක් වෙන්කොට තිබිණි. සන්ධ්‍යා භාගයේ විශේෂ සාදයකට පවුලේ අය හා එක්වූ ඔවුහු පසුව තම කාමරයට ගියහ.


 හදිසියේ යමක් සිහිවුවාක් මෙන් තම බෑගය ඇවිස්සූ ඔහු කුඩා පෙට්ටියක් ඉවතට ගෙන එහි කුඩා බෝතලවල අසුරා තිබූ බෙහෙත් පෙති වර්ග අටක් පමන අතලට ගෙන කටට දමාගෙන වතුර වීදුරුවක් බීවේ මනාලිය මවිතයට පත් කරමිනි. පසුව ඒ ඒ පෙතිවර්ගවලට අදාල රෝග කාරකාදිය ඇයට කීවේ ඇය පුදුම වූ නිසාය. අනතුරුව ඔහු නාන කාමරය පැත්තට ගිය අතර හිතවත්ම යෙහෙළියක ඇයට දුකරතන ඇමතුමක් දෙමින් “කොහොමද ඉතිං” කීවාය. “හොඳින් ඉන්නවා. මං බැඳල තියෙන්නේ සර් කෙනෙක් නෙමෙයි. පාමසියක්” ඇය කියන විටම ඔහු ආවෙන් ඇය දුරකතනය විසන්දි කළාලු. 

(තිහගොඩ උපසේන ලියනගම)