සමෘද්ධියට දුන් කිකිළි පැටවුන් විකුණා සල්ලි අරන් ‍හොර සැමියා එක්ක පැනලා ගිහින්


හංවැල්ල එච්.එස්.ඒ.නන්දන
කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සමෘද්ධියෙන් දුන් කිකිළි පැටවුන් විකුණා සොර සැමියකු සමග මවක පිට පළාතකට ගොස් දීග කෑමේ පුවතක් අසන්නට ලැබිණි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් මෙම පවුලට සමෘද්ධි වැඩසටහනෙන් කිකිළි පැටවුන් දෙදෙනකු ලබා දී ඇත්තේ බිත්තර අලෙවියෙන් පනං හතරක් උපයා ගැනීමට සහ පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ අරමුණ ඇතිවය.
එසේ වුවද  පවුලේ කාන්තාව එම කුකුළු පැටවුන් අසල්වැසි නිවෙසකට විකුණුවාය. එසේ විකුණා දවසක්වත් යාමට මත්තෙන්  මුදල් ද රැගෙන කලක සිට හොර රහසේ හාද වී සිටි පුද්ගලයකු සමග පලා ගියාය. ඇය වෙනත් ප්‍රදේශයකට වී අලු‍ත් පවුලක් ගොඩනැගීම ආරම්භ කළාය.  
මේ පුවත ප්‍රදේශය පුරා පැතිරී යාමත් සමග පවුල්වලට ආධාර දෙද්දී එම පවුල්වල තවත් වතගොත සොයා පවුල්වල දූ දරුවන්ට සැබෑ ආදරය කරන මවට හෝ පියාට  හෝ දෙන්නයැයි සමහරු කියති.