සමෘද්ධි ආධාර 5000 දෙන්න ගිය නියාමකට කත ගෙම්බර්දාලා


(රත්ගම විශේෂ. - ධර්මදාස සිරිවර්ධන)
සමෘද්ධිලාභීන් වෙනුවෙන් දෙන රුපියල් 5000 ක මුදල මාස දෙකකින් ලබා නොගත් නිවෙසකට එම මුදල් බාරදීම සඳහා ගිය සමෘද්ධි නිලධාරියකුට  සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳව දකුණේ ලොකු දණ්ඩක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


තම බල ප්‍රදේශයේ සමෘද්ධි ලාභිනියක් ඉතා අමාරුවෙන් ජීවිකාව  කරගෙන යන බවත් ගෘහමූලිකයා අංශබාග රෝගයෙන් එක්තැන් වී සිටින බවත් දන්නා සමෘද්ධි නිලධාරියා ඇය සඳහා  වෙන්වූ  දෙමසක දීමනා  මුදල වන රුපියල් 10,000 ද රැගෙන උදෙන්ම එම  නි​ෙවසට ගියේ අදාළ මුදල් රැගෙන සතුටු වන අයුරු දැක ගැනීමේ රිසියෙනි.


එහෙත් සිදුවූයේ ඔහු සිහිනයකින්වත් නොසිතූ දෙයකි. මුදල් ටික ඔහු ඇය අතට දුන් විට ඇය පැවසුවේ අනේ, මහත්තයෝ, අපිට ඔය කුණ්ඩවාල එපා.  අපිට දරුවො හොඳට සලකනවා කියාය.


 ඒ ගැන පුදුමයට පත් වූ නිලධාරියා පැවසුවේ සමෘද්ධි සංගමය මගින් දුප්පත් පවුලකට නිවෙසක් ඉදිකරන බැවින් මෙම මුදල් ලබාගෙන  ඒ සඳහා ගඩොල් ලබා දෙන ලෙසයි. ඇය පැවසුවේ එයද කළ නොහැකි බවත් අවශ්‍ය නම් ගඩොල් තමාට රැගෙන දිය හැකි බවත්ය.


මුදල් ද රැගෙන  ආපසු පැමිණි සමෘද්ධි නිලධාරියා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ අදාළ නිලධාරීන්ට සිද්ධිය පැවසූ අතර සියලු‍ම දෙනා පැවසුවේ මෙවැනි අය ගැන මාධ්‍යය මගින් රටම දැනුම්වත් කර අගැයීමක්  ලබා දිය යුතු බවයි. 


පසුව රූපවාහිනියේ  මාධ්‍යවේදියකු ද සමග එම නිවසට ගිය සමෘද්ධි නිලධාරියා ඇයගෙන් මුදල් ලබා නොගැනීම පිළිබඳ ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. එවිට ඇය පැවසුවේ ප්‍රසිද්ධිය බලාගෙන ඔය සල්ලි නොගෙන හිටිය නෙවෙයි මහත්තයෝ කියාය.