වයඹ පළාත් රාජ්‍ය සංස්ථාවක ආරක්ෂක නිලධාරී තනතුරු සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණි. ආයතනයේ තිබුණේ පුරප්පාඩු දෙකක් වුවත් අයැදුම්කරුවෝ තිහක් පමණ ඒ සඳහා පැමිණ සිටියහ. අයැදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතික සහ පළපුරුද්ද පිළිබඳව මෙහිදී සොයා බැලූ අතර පරීක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා අයැදුම්කරුවන්ගේ මුළු ලිපි ගොනුවම අතට ගෙන සෙසු අයට අදාළ සහිතක බෙදා දී පරීක්ෂාවට යොමු කෙරිණ.
එක් අයැදුම්කරුවකුගේ ලිපි ගොනුව අතට ගෙන විවෘත කිරීමත් සමගම එහි කහනූලක් සහිත සුරයක් දැකීමෙන් පරීක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා මවිත විය.
පරීක්ෂණවලින් සහ තරගවලින් ජය ලැබීම සඳහා තමා කවදත් පළඳින සුරය ලිපි ගොනුව තුළ වු බව දැකීමෙන් අයැදුම්කරුට ද තරු පෙනුණි.
‘‘කමක් නෑ ආයතනයේ ආරක්ෂාවට කලින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එපායැ නේද?’’ පරීක්ෂක මණ්ඩල ප‍්‍රධානියා කීවත් මෙය අවසන් වනතුරුම ඔහු සිටියේ දැඩි තැති ගැන්මකින්ලූ.

