සංචාරකයා අබියස රඟපෑ මාර්ගෝපදේශකට දෙයියෝ සිහිවෙලා


විදේශීය සංචාරකයකු පසුගියදා තම මාර්ගෝපදේශකයා සමඟ පොලොන්නරුව ප‍්‍රදේශයට ගියේ ඓතිහාසික නටබුන් නැරඹීමටය. එහි වූ විවිධ පුරාවස්තු නැරඹූ ඔහු බිම තිබූ අපුරු ගල් කැටයමක් දැක ඒ ගැන විමසීය.ඒ ඉපැරණි කැසිකිළි ගලකි.
මාර්ගෝපදේශකයා කවරාකරයෙන් එය විස්තර කළත් සංචාරකයාට වටහා ගත නොහැකි බව හැඟුන නිසා ඔහු කළේ සරම කොට කරගෙන මුත‍්‍රා කරන ආකාරයට ඒ ගල මතව වාඩිවී සිද්ධිය නිරූපණය කිරීමය.
ඈත සිට මේ සිද්ධිය බලාසිටි පුරාවිද්‍යා ආරක්‍ෂක නිලධාරියකු සිතුවේ ඔහු ඇත්තටම කැසිකිළි ගල අපවිත‍්‍ර කරනු ඇතැයි කියාය.
ඔහු කෑ ගසමින් එම ස්ථානයට දිව එන විට මාර්ගෝපදේශකයාට  දෙවියන් සිහිවුණාලූ.