සංචාරක මගපෙන්වන්නාගෙන් හෝටල් සේවකට පාඩමක්


දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙනු පත පෙන්වූ අතර ඔහු එදෙස නොබලා තම බෑගයෙන් ගත් මෙනුපතක් පෙන්වා ඉඳි ආප්ප ඇනවුම් කළේය.


ආහාර ගැනීමෙන් පසු මුදල් ගෙවීමට යාමේදී ගැටලුවක් වූයේ අයකළ මුදල ඉතා අධිකවීම නිසාය, සේවකයා සුදු ජාතිකයාට අවමන් කරනු දුටු සංචාරක මගපෙන්වන්නකු එතැනට ආවේ තරමක කෝපයකිනි.


ඔහොම කරන්න එපා. දැන් එන ටුවරිස්ලා ඉස්සර අය වගේ නෙවෙයි. මේ රටට එන ටුවරිස්ලාට රට ගැන හොඳ පුහුණුවක් දෙනවා. ආහාරපාන වල වටිනාකමත් දන්නවා. ඒ විතරක් නෙමෙයි. අපේ භාෂාව ගැනත් පුහුණුවක් දෙනවා. දැන් ඔය කියපු වචන සේරම එයාට තේරෙන්න ඇති. කී ඔහු ඔයාලට අලාභයක් වුණා නම් මම ඒක ගෙවන්නම් කියා තම සාක්කුවට අත දැමිය.


සේවකයා මෙල්ලවී ආපසු ගිය අතර සුදු ජාතිකයා භාෂා පරිවර්තක පොත දෙස බලමින් මගපෙන්වන්නාට සුහද සිනහවක් පෑවාලු.