(වියලුව වාර්තාකරු)
හැරගිය සැමියා ආපසු ගෙන්වා දීම සඳහා ශාන්තිකර්මයක් කර දීමට තම දේවාලයට ගෙන්වාගත් කාන්තාවකගෙන් හොඳ හැටි පහරකා දේවාලයේ තිබු වටිනා බඩු මුට්ටු මෙන්ම තම ජීවිකාවද අහිමිකරගත් කපු මහතකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය
ඇය තරුණ විවාහක කාන්තාවකි. සිය කුළුඳුල් දරුවා ප්රසූත කිරීමත් සමගම කිසියම් හේතුවක් නිසා ඇයගේ සැමියා ඇය අත්හැර අගනුවර ප්රදේශයට ගොස් වෙනත් කාන්තාවක් සමග දීග කමින් සිටියේ තම දරුවා මෙන්ම බිරියද අමතක කර දමමිනි.
ඔහු යළි ගෙන්වා ගැනීමට නීති අංශ මගින් කටයුතු කළද පලක් නොවූ තැන ඇය දෙවියන්ගේ පිහිට පැතීමට තීරණය කළේ මිතුරියකගේ මග පෙන්වීම අනුවය.
ඒ අනුව තම ගම්මානයට තරමක් දුර බැහැරින් පිහිටි දේවාලයක කපුවකු හමුවී තමුන්ට අත්වූ ඉරණම විස්තර කළේ ඔහුගෙන් කිසියම් පිහිටක් බලාපොරොත්තුවෙනි.
සැමියා ගෙන්වා දීම සුළු කටයුත්තක් බව පැවසූ කපු මහතා ඒ වෙනුවෙන් ශාන්තිකර්මයක් කළ යුතු බව කියා සිටියේ ඇය ඉදිරියේ සිහින ලෝකයක් මවමිනි.
කටයුත්ත සුළුපටු නොවන එකක් බව ඇය වෙත අවධාරණය කළ කපු මහතා ඒ වෙනුවෙන් දින තුනක් දිය නා පිරිසුදු වී ඇඳ පැලඳගෙන බුලත් අතක් පමණක් රැගෙන දේවාලයේ වතාවත් නොපැවැත්වෙන දිනකදී තනිවම පැමිණෙන්නැයි කියා සිටියේ සැමියා ගෙන්වාදෙන තුරු සියලු කටයුතු රහසේ සිදු කළ යුතු යැයි ද අවවාද කරමිනි.
කපු මහතා කී පරිදි දින කීපයක් තිස්සේ දිය නා පේවී පිරිසුදුවට හැඳ පැළඳ ගත් ඇය හුදෙකලාවම දේවාලය වෙත පැමිණියේ සිය සැමියා ගෙන්වා ගැනීමට ඕනෑම කැපකිරීමක් කරන්නට සූදානම් බව කපු මහතාටද අවධාරණය කරමිනි.
ඇය පැමිණෙන විටත් දේවාලය පාළු පිටියක ස්වභාවයක් ඉසිලූ අතර දේවාලයේ සිටියේද කපු මහතා පමණි.
කිසිවකුටත් නොදැනෙන පරිදි දේවාලයේ කුටියකට කාන්තාව කැඳවා ගත්ත කපු මහතා ඇයව අසුනක වාඩි කරවා ශාන්තිකර්මය කිරීමට පෙර කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් පිළිබඳව ඇයව දැනුම්වත් කළේ ඒ සඳහා ඇගේ කැමැත්තද ඉල්ලා සිටිමිනි.
ගොනා හැරෙන්නේ පොල් පැළයට බව තේරුම් ගත් කාන්තාව තමුන්ට මුහුණ දීමට සිදුවන ඕනෑම දෙයකට සූදානමින් මුලින්ම ඔහුගේ යෝජනාවන්ට එකඟව කටයුතු කළ ද වැඩ වැරදී ගැන එන බව දැනගත් ඇය කපුවාට අතින් පයින් පහර දී දේවාලයේ තිබූ දේවරූපයක් ඇතුළු බඩු මුට්ටු කීපයක්ද පොඩි කරමින් එළියට පැන මරළතෝනි දෙන්නට පටන් ගත්තේ මෙතෙක් කලක් කපුවා පොරවාගෙන සිටි සුදු පිරුවට ඉවත්කරමිනි.
සිද්ධියෙන් පසු කපුවාද අතුරුදන් වී ඇති අතර ඔහුද ද මේ වන විට නගරයේ වැඩ බිමක් සොයා ගොස් එහි කොන්ක්රීට් අනතැයි ගම්මු පවසති.