ශත පනස් හතක් අයකරගන්න රු135 ක් වැයකර ලිපි යවලා


(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන) 
සංවර්ධනයට සම්බන්ධ රාජ්‍ය බැංකුවක් ශත පනස් හතක ණය මුදලක් අයකර ගැනීම සඳහා රුපියල් එකසිය තිස්පහක් වැය කර ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමේ අපූර්ව සිද්ධියක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. 


2015 වර්ෂයේ දී ලබා ගත් රුපියල් ලක්ෂයක ණය මුදලක් වෙනුවෙන් 2019 අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු හිඟ මුදල වහාම ගෙවන ලෙස එම බැංකු ශාඛාවේ කළමනාකරුගේ අත්සනින් යුතුව ගනුදෙනුකරු හා ඇපකරුවන් දෙදෙනාට මෙලෙස ලියාපදිංචි තැපෑලෙන් ලිපි යවා ඇති බැව් පැවසේ.