වී විකුණාගන්න ඉන්ටර්නෙට් ගම හොයලා


(මාවනැල්ල විශේෂ සමන් විජයබණ්ඩාර)
වී විකුණන්න “ඉන්ටනේට් යන්න” කියලා රේඩියෝ එකේ කීවාලු. අනේ මන්දා එහේ යන්න කීයක් වියදම් වෙනවද? මම නම් ඕක තියෙන දිහා දන්නේ නැහැ. ඇත්තටම බං කොළඹ කොහේද ඉන්ටනෙට් තියෙන්නේ” යැයි හෙම්මාතගම ගමක කඩ පිලක මැදි වයසේ මුදලාලිගෙන් ඇසීමේ පුවතක් වාර්තා විය.


කතාව දැන ගත් ආකාරයට මෙසේය.


රජය මගින් වී අලෙවි මණ්ඩලයේ ගොවීන් ලියාපදිංචි කරන අතර, එහි ලියාපදිංචි වන ලෙස ගොවීන්ට දන්වා ඇති බව ගුවන් විදුලියෙන් පවසා ඇත. එසේම ලියාපදිංචි වීම සඳහා පිවිසිය යුතු ඊමේල් අංකය ද දන්වා ඇති අතර, මෙය අසා සිටි මැදි වයසේ අයෙක් මේ සිද්ධිය මතකයේ රඳවා ගනිමින් ගමේ කඩ පිළට පැමිණි පසු එහි බොහෝ පිරිසක් සිටියදී “ඉන්ටනෙට්” යනු ලංකාවේ නගරයක පිහිටි ගමක් හෝ කුඩා ටවුමක් යැයි සිතා එය තිබෙන ස්ථානය කඩයේ මුදලාලිගෙන් ඇසීම නිසා එහි සිටි බොහෝ දෙනෙකුට නම් අපූරු ප්‍රශ්නය හේතුවෙන් සිනාසුණු බව පැවසේ.