විවාහයට පෙර මනාලියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලලා
බස්නාහිර පළාතේ නගරාසන්නව පදිංචි වී සිටි ඔහු රාජ්‍ය ආයතනයක විධායක මට්ටමේ නිලධාරියෙකි. නක්‍ෂත‍්‍ර කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ හෙතෙම තරුණ විය ඉක්මවා සිටියත්, තවම තනිකඩයකු වූයේ තමාට ගැළපෙන කේන්දරයක් හිමි රූමතියක හමු නොවූ නිසාය.
පසුගිය දා කපුවකු ගෙනැවිත් දුන් කේන්දරයක් පරීක්ෂා කළ ඔහුට එය මනාව ගැළපෙන බව පෙනිණි. ඇය රූමත්කමින් ද අඩුවක් නොවීය. විවාහය සිදු කිරීමට සියලූ කටයුතු සුදානම්ව සිටියදී ඔහුගේ මාමා කෙනකු කීවේ මේ කාලයේ විවාහවලදී පොරොන්දම්වලට වඩා ඇගේ සෞඛ්‍ය වාර්තා විමසා බැලිය යුතු බවකි.
එය පිළිගත් ඔහු කපුවා කැඳවා කීවේ ඇගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් කඩිනමින් ගෙන එන හැටියටය.
කපුවා මවිතයට පත්වුවත් දැඩි පෙරැත්තය නිසා ඒ පිළිබඳව ඇගේ පියාට දැන්වූ විට ඔහු යක්ෂාරූඪ වී ”ඇයි, දුවට නරක ලෙඩක් තියෙනව කියල ආරංචි වෙලා ද? නැත්නම් අලූත් රැකියාවක් හොයල දෙන්න ද?” කීවෙන් ඒ විවාහයටත් දැන් කණකොකා අඬලාලූ.

