විදේශීය රටක පුහුණුවක් සඳහා යාමට දුන් ගමන් වියදම් වලින් දකින දකින සෙල්ලම් බඩු මිලට ගෙන ඉන් භාගයක් පමණ ඒ රටේ දමා ඒමට සිදුවූ පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. ඔහු සිංගප්පූරුවට ආයතනයෙන් යැව්වේ විශේෂ පුහුණුවක් දීමටය.
ඒ ක්‍ෂේත‍්‍රයේ ඔහු ප‍්‍රවීණයකු කිරීමටය. ඒ සඳහා එම ආයතනයෙන් ඔහුට ගමන් වියදම් සඳහා සැලකිය යුතු මුදලක් ද දුන්නේය. සිංගප්පූරුවට පුහුණුව සඳහා ගිය ඔහු ඒ රටේ දකින දකින අරුමෝසම් සෙල්ලම් බඩු මිලදී ගත්තේ සිය දරුවන්ටය. තමන්ට ආයතනයෙන් දුන්නු ගමන් වියදම් අවසන්වන තෙක් සෙල්ලම් බඩු මිලදී ගෙන තමන් සිටි කාමරයේ ගොඩ ගසා ගත්තේය. ඔහු මෙසේ කිලෝග‍්‍රෑම් සියයකට වැඩි බඩුතොගයක් රැස්කර ගත්තේය.
පුහුණුව නිමවී යළි ලංකාවට ඒමට ඔහු කාමරයේ තිබූ බඩු ගමන් මළු තුළ ගබඩා කිරීමට සිංගප්පූරුවේදී හඳුනාගත් තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේම සහයෝගය ලබා ගත්තේය. කාමරයේ තිබු මේ සෙල්ලම් බඩු තොගය දුටු පිරිස මේ තරම් බඩු තොගයක් ගෙනයාමට නම් නැවක් අවශ්‍ය බව කියමින් සිනාසුනා. බදු නොගෙවා ගෙනයාමට හැක්කේ කිලෝග‍්‍රෑම් තිහක බරක් බවද ඔවුහු ඔහුට කීහ.
කිලෝ ග‍්‍රෑම් තිහට වැඩියෙන් ගෙන යන බඩුවලට බදු අයකරන බවත් මේ වැඩි බඩු තොගයට ගෙවන බදුවලින් ශ්‍රී ලංකාවේදී මේ බඩු වාගේ තුන් ගුණයක් ගත හැකි බවත් ඒ අය කී විට ඔහුට තරු පෙණුනේය.
අවසානයේදී සිදුවූයේ තමන් එක් රැස්කළ සෙල්ලම් බඩු වලින් තුනෙන් දෙකක්ම කාමරයේ දමා කිලෝ ග‍්‍රෑම් තිහට සෑහෙන බඩු තොගයක් පමණක් ගමන් මලූවල දමා ඒමටය.
ඔහු සිංගප්පුරුවේදී මිලදී ගන්න ගන්න හැම සෙල්ලම් බඩුවක් ගැන දරුවන්ට පවසා තිබූ බැවින් ලංකාවට එවැනි සෙල්ලම් බඩු නොගෙනාවේ මන්දැයි දරුවන් විමසූවිට ඔහු එහිදී සිදුවූ අලි ඇබැද්දිය කීවේය.

