විභාගය සමත්කර දෙන්නැයි දෙවියන්ට ලියුමක් ලියලා


දකුණේ ජනතාවගේ ඉමහත් අනුහස් ඇති ඉතා බලසම්පන්න ස්ථානයක් බවට පොදුවේ දකුණේ ජනතාව සලකන දේවාලයකි. හොඳට හා නරකට දෙකටම මේ දේවාලය ප‍්‍රසිද්ධය. හොරකමක් කළද, ආශිර්වාදයක් ඉල්ලීමට වුවද සැතපුම් ගණනින් දුර ගෙවා මෙම දේවාලයට ජනතාව එති. 

එමෙන්ම කිසියම් සිද්ධියක දී අවලාද කරනවා යැයි යමෙකු කීවොත් සිද්ධියට සම්බන්ධ වැරදි කළ පුද්ගලයන් බියෙන් සලිත වීම සාමාන්‍ය දෙයකි.

එමෙන්ම වැරදිවලට දඬුවම් දී ඇති හා දුකට පිහිටවී ඇති අවස්ථා බොහෝ තිබෙන බව ජනතාව පවසති. පසුගිය දිනෙක එම දේවාලයේ දෙවියන්ට ලියූ ලිපියක් එහි පඬුරු පෙට්ටියේ තිබී හමුවී ඇත.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙම දරුවා තමාගේ දුක් ගැනවිල්ල ලියා විභාගය උසස් ලෙස සමත් කර දෙන ලෙස ඉල්ලා තම විභාග අංකය, විභාග මධ්‍යස්ථානය, නම, ලිපිනය, විදුහල ආදී සියල්ල සඳහන් කර තිබූ බවත් මෙය රහසක් සේ රකින ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇති බව එහි කපුමහතෙක් පැවැසීය.