විදුලි බලු මණ්ඩලෙන් මනු කියවන්නාට මිනී පෙට්ටියක් හමුවෙලා


මිනී පෙට්ටියක් ගේ ඉදිරිපිටට ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා ආරංචි වූයේ මැණික් පිළිබඳව  ප්‍රසිද්ධියක් දරන නගරයකට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකිනි.


මේ ග්‍රාමීය ප්‍රදේශයේ වාමාංශික දේශපාලනයට ලැදි පුද්ගලයකුගේ නිවසේ  වූ විදුලි මනු පෙට්ටියේ මීටරය පරීක්ෂා කිරීමට උදෑසනම පැමිණි මනු කියවන්නකු එය කියවා බලා සටහන් රැගෙන විදුලි බිල්පත සකස් කිරීමට යද්දී ඔහු පෙට්ටියට ඉහළින් අලවා තිබූ කිසියම් සටහනක්ද දුටුවේය.


එම දැන්වීම කියවූ ඔහුට දෙවියන් සිහිවූයෙන් වට පිට බැලුවේ නිවසේ කිසිවකු සිටින්නේ දැයි දැන ගැනීමටය. එහෙත් සියලුම දොර ජනෙල් වසා තිබූ නිසා නිවැසියන් තවම නිදි දැයි සිතා දොරට  තට්ටු කළත් කිසිවකු නැති බව පෙනුණි.


යළි  විදුලි මනුව ළඟට පැමිණි ඔහු  එම කෙටි දැන්වීම ගලවා තම ලිපි ගොනුවේ දමාගෙන ගියේ ඉහළ නිලධාරීන්ට  පෙන්වීමටය.
එම කෙටි දැන්වීමෙහි වූයේ ‘‘විදුලි බලු මණ්ඩලයේ මිනී පෙට්ටිය’’ යනුවෙන්ලු.

 

තිහගොඩ උපසේන ලියනගම