විදුලි පණිවිඩය පමා කළාට බිරියගෙන් අපූරු පාඩමක්
සැමියා සේවය කරනුයේ කොල්ලූපිටියේය. බිරියගේ සේවය රාජ්‍ය ආයතනයකය. දිනක් බිරිය සැමියාට ඇමැතුමක් දෙමින්, ‘‘අද මම ඔෆිස් ගියේ නැහැ අසනීපයි කියලා ටෙලිග‍්‍රෑම් එකක් උදේ එකොළහට කලින් යවන්න’’ යැයි කීවාය.
‘‘හරි මම යවන්නම්’’ යැයි පැවසූ සැමියා තැපැල් කාර්යාලයට ගොස් විදුලි පණිවිඩයක් යැවීම සඳහා පෝරමයක් ඉල්ලීය. ‘‘ටෙලිග‍්‍රෑම් ෆෝම්ස් ඉවරවෙලා’’ කවුන්ටරයෙන් කීය. ‘‘හරි වැඬේ දැන් කොහොමද ටෙලිග‍්‍රෑම් එක යවන්නේ’’ ඔහු ප‍්‍රශ්න කළේය.
පසුව තැපැල් කාර්යාලයේ නිලධාරියෙක් සෑම තැනම සොයා බලා මුල්ලක තිබුණු පෝරමයක් රැගෙන පිටතට ගොස් ඡායා පිටපත් කිහිපයක් ලබාගෙන නැවත පැමිණෙන විට දහවල් විය. කෙසේ හෝ විදුලි පණිවිඩය යැව් අප කතා නායකයා කවුන්ටරයෙන් මුද්දර කවරයක් ඉල්ලා සිටියත් සතියකට වැඩි කාලයක සිට ඒවාද නොමැති බව දැනගන්නට ලැබුණි.
සේවය නිමාවී නිවසට පැමිණි සැමියා බිරිය අමතා ‘‘හරි වැඩේ තමයි පෝස්ට් ඔෆීස් එකේ ෆෝම්ස් ඉවරවෙලා ටෙලිග‍්‍රෑම් එක යවද්දී දොළහත් පහුවුණා. යැයි කීය ‘‘කියපු වැඩක් හරියට කරන්නේ නැහැනේ ඔහේට මම ආයේ කෑම උයන්නැහැ. කඩෙන් කන එකයි ඇත්තේ’’ යැයි බිරිය පැවසුවාය.
‘‘අතේ සල්ලි නැතිව කඩෙන් කොහොම කන්නද?’’ සැමියා ඇසූවිට එහෙනම් ගිහිල්ලා ‘‘පෝස්ට් ඔෆිස් එකෙන් කනවා’’ යැයි ඇය කීවාය. ඔවුන්ගේ දියණිය ඇසුවේ ‘‘තාත්තේ දැන් පෝස්ට් ඔෆිස් එකේ කෑමත් විකුණනවාද? කියාය.

