ගමේ කිරි ගොවිපළට ආධාර දීමට ආ බව අඟවා ගොවි මහතා ළඟ තිබු රුපියල් ලක්ෂ එකහමාරට විදින්න ආ කතක් අල්ලා ගුටි ඇන එළවා දැමීමේ පුවතක් මාවතගමින් අසන්නට ලැබුණි.
ගමේ තරුණයකු කිරි හරක් කීපදෙනකු මිලට ගත්තේ කිරි ව්‍යාපාරයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමේ අදහසිනි. තම බිරියගෙන් ලැබුණ නොමද සහායත් සමෘද්ධි බැංකුවෙන් ලද ආධාරත්, පශු වෛද්‍ය සේවයෙන් ලද උපදේශත් නිසාම මෙම තරුණ යුවළ දිනෙන් දින දියුණුව කරා ගමන් කළහ.
දින සති මාස ගණන් ගෙවෙද්දී විශාල කිරි ව්‍යාපාරයක හිමිකරුවකු වීමට මෙම යුවළට හැකිවූයේ ගමේ කාගේත් ආශිර්වාදය මැදය. ටික දිනකදී මෙම කිරි ගොවිපළ ප‍්‍රදේශයේ ආදර්ශ ගොවිපළක් බවට පත්වූයේ ප‍්‍රමිතියෙන් හා ගුණාත්මකවත් පිරිසිදුවත් මෙම ව්‍යාපාරය කළ නිසාමය. දිවා රාතී‍්‍ර නොතකා වෙහෙස මහන්සියෙන් හරි හම්බ කරගත් මෙම තරුණයා අනෙක් තරුණයන්ට ආදර්ශයක් බව කාගේත් කතා බහට ලක්විණි.
කාලය ගෙවී යද්දී එක් දිනක මනාව හැඳපැළඳගත් කාන්තාවක් (තරුණ) මෙම ගොවිපළ වෙත ගොඩවැදුණේ රටේ ආධාර සපයන ප‍්‍රබල සංවිධානයක නම සඳහන් කරමිනි. මෙම ගොවිපල පිළිබඳ තම සංවිධානය ඉතා පැහැදීමෙන් සිටින බවත් එහි ප‍්‍රධානියාගේ උපදෙස් මත තමා නියෝජිතවරියක ලෙස මෙහි ආ බවත් පැමිණි සුරූපී කාන්තාව ගොවි යුවළට දැනුම් දුන්නේ ඔවුන් සතුටට පත් කරවමිනි.
මෙම කිරි ගොවිපළට ඉදිරි දියුණුව සඳහා ලක්‍ෂ හතක ආපසු නොගෙවන දිරි දීමනාවක් ලබාදීමට තමා පැමිණි බව කී මෙම තරුණිය ඒ සඳහා අදම බැංකුවේ ගොවි මහතාගේ නමින් නව ගිණුමක් ආරම්භ කර සඳුදා එම ගිණුමට ලක්‍ෂ එකහමාරක් බැර කරන්නට ඇගෙන් උපදෙස් ලැබිණි. සතුටට පත් ගොවි යුවළ පැමිණි කාන්තාවට තේ පැන් සංග‍්‍රහයක්ද සිදුකළහ. ඒ අතරතුර ලිපි ගොනු කීපයක්ම පුරවා අවසන් කළ කාන්තා නියෝජිතවරිය ගොවිපළ පිළිබඳ පූර්ණ වාර්තාවක් සකස් කළේ ඡුායාරූප සහිතවය. ගොවි මහතාගේ අත්සන් කීපයක්ම ඈ විසින් ගනු ලැබිණි.
පැය ගණනාවක් මෙම කටයුත්තට කාලය වැයකළ ගොවි මහතා කිරි ගොවිපළේ වැඩට යාමට සැරසුණේය. ”ඔයාලාගේ ව්‍යාපාරය බලන්න අපේ බොස් අද හවසම මෙහෙ එනවා. ඊට කලින් අද හවස 1.30ට පෙර ඔයාලගෙ නමින් ලක්‍ෂ 1 1/2 දාන්න යමු. කතා කරගත් පරිදි තම ගිණුමට තමා ළඟ තිබූ ලක්‍ෂ 1 1/2ක් රැගත් ගොවි මහතා තම බිරිඳ සමග ඈ විසින් නම්කළ බැංකුව වෙත ගියේ තම යතුරුපැදියෙනි. සංවිධානයේ නියෝජිතවරිද ඈ පැමිණි තී‍්‍රවීලයෙන් එම බැංකුව වෙත ගියාය. මම පුරවන්නම් ෆෝම් ටික...
කඩිනමින් කවුන්ටරය වෙත ගිය සුරූපී කාන්තාව මොවුන්ගේ නමින් ලක්‍ෂ 1 1/2ක් තැන්පත් කිරීමේ පෝරමයද සම්පූර්ණ කළේ ගොවි යුවළ අසලදීමය. ඔයාල දෙන්න වාඩිවෙලා ඉන්න මේ මුදල් ටික මම තැන්පත් කරන්නම්. ගොවි යුවළ ඈ අතට ලක්‍ෂ 1 1/2 මුදල දුන්නේ රුපියල් ලක්‍ෂ 7 (හතක)විශාල බලාපොරොත්තුව පිළිබඳ සිහින මවමිනි. දැන් අපේ බොස් ඔයාලගෙ ගෙදර එනවා කීවා ගොවිපළ බලන්නයි ලක්‍ෂ 7 දෙන්නයි.....
ඒ නිසා ගොවි මහත්තයා ගෙදර යන්න. මම මෙයත් එක්ක බැංකුවේ වැඩ ඉවර කරලා එන්නම්”. ගොවි මහතා සතුටින් යුතුව නිවස බලා ඉගිලගියේ යෝගට් ව්‍යාපාරයක් හා පුංචි ලොරියක් ගන්නට මැවූ සිහින සිහිපත් කරගනිමිනි. බැංකුවේ කවුන්ටරයේ අසල රුපියල් ලක්‍ෂ 1 1/2ක මුදල් නෝට්ටු සමග පෝලිමේ සිටින මෙම තරුණ සුරූපිණියගේ අතෙහි වූ මුදල් බැරපත දෙස ගොවි බිරිඳගේ දෑස් යොමුවිය.
ඈ නිකමට මෙන් එය කියෙව්වාය. තමා සමඟ තමා ඉදිරියෙන් පෝලිමේ සිටින කාන්තාවගේ අතෙහි වූ මුදල් බැරපතේ ලියා තිබුණේ ලක්‍ෂ එකහමාර වෙනුවට රුපියල් 1500කි. ඈට තරු පෙනුණි. තමාත් තම සැමියාත් දිවා ? නොබලා හරි හම්බ කරගත් මුදල් මේ...... වංචාකාරියකට....... තමා හසුවන්නට යන බව වැටහීමට ඈට වැඩිවේලාවක් ගත නොවිණි. ඈ ආගන්තුක කාන්තාව වැරෙන් යුතුව දැඩිලෙස අල්ලා ගත්තාය.
”මේ හෙරක්....... මගේ සල්ලි ගත්තා”යි ඈ කෑ ගසන්නට පටන් ගත්තාය. සංවිධානයක නියෝජිත කාන්තාවක බව හඟවා තමාත් සැමියාත් රැවටූ මෙම කාන්තාවගේ අතවූ මුදල් ගැනීමට ඈ පොරබැදුවාය. උදුරාගත් රුපියල් ලක්‍ෂ 1 1/2 (ලක්‍ෂ එකහමාරක) මුදල් තම බෑගයේ ඔබාගත් ගොවි කාන්තාව ඈට හොඳහැටි තඩිබාන්නට වූ නිසාම වටවූ පිරිස හෙරක් හෙරක් කියා කෑ ගසන්නට වූහ..
පිරිසෙන් මිදී දුවගිය සුරූපිණිය ඈත නොපෙනෙන්නට නවතා තිබූ තී‍්‍රවීලයෙන් පියඹා ගියේ විදුලි වේගයෙනි. කාන්තාව හා පොර බැදීමෙන් ඇතිවූ සිරීම් තුවාල සහිතව ගෙවිළිය සුසුමක් හෙලීය. ”ඇති යාන්තම් බේරුණා”

