වැවේ වැටී සිටි දළ ඇතාට බෙහෙත් කරන්න යද්දී මී හරකෙක් වෙලා


(ගල්ගමුව නිහාල් ජයවීර)

වෙඩි තැබීමකින් තුවාල ලබා යාම් ඊම් කළ නොහැකිව ගල්ගමුව නාහෙට්ටිකුලම වැව මැද වැටී දළ ඇතකු සිටින බවට ලැබුණු තොරතුරක් මත ප්‍රතිකාර කිරීමට පැමිණි වනජීවී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවූ අලකලංචියක් පිළිබඳව ගල්ගමුවෙන් වාර්තා වුණි.

නාහෙට්ටිකුලම වැව මැද දළ ඇතකු වැටී සිටින බවට ඉකුත් විසි වැනි දින ගම්මුන්ගෙන් ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් එහි ගොස් තිබුණි. වැව මැද නිදාගෙන මෙන් සිටි ඇතාගේ දළයක් ද හොඳින් පෙනෙන්නට තිබුණ අතර ‘ඇතා’ නිසොල්මනේ සිටි බැවින් සතා නැගිටීවීමේ අරමුණින් වනජීවී නිලධාරීහු වෙඩි කීපයක් ද දල්වා සතා සිටි ස්ථානයට දැමූහ.

ඇතා ඊට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් වනජීවී නිලධාරීහු වැවට බැස ඇතා සිටි ස්ථානයට ළඟා වූහ. එම අවස්ථාවේ ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ ඇතකු නොව මියගොස් ඉඳිමී තිබූ මී හරකකුගේ සිරුරක් බවත් ඇත් දළයක් ලෙස ඈතට දිස්ව ඇත්තේ මීහරකාගේ අඟක් බවත්ය.