වෙළඳ පොළේ වැඩි මිලට තිබෙන විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ගොස් මත්පැන් තොගයත් මුදලූත් නැති කරගත් ව්‍යාපාරිකයකු පිළිබඳව පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේ විය.
ආනයන කටයුතුවල නිරත මෙම ව්‍යාපාරිකයාට තම හිතවතකු මාර්ගයෙන් විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ක‍්‍රමයක් තිබෙන බව දන්වා ඇත. මෙවන් අවස්ථාවක් පැහැර නොහැරීමට ඔහු තීරණය කර ඇත්තේ එමගින් ලැබෙන වාසිය ගැන දන්නා නිසාය.
මුදලූත් රැුගෙන අගනුවරට ආසන්න නගරයක් වෙත තම හිතවතා ලබා දුන් දුරකතන අංකයට කතා කර තමන්ට ලැබෙන වාසිය ගැන සිත සිතා ගොස් පුද්ගලයකු මුණගැසී මත්පැන් තොගයට අදාළ මුදල් දී මත්පැන් තොගය රැුගෙන එනතුරු බලා සිටියේය. එහෙත් ඔහු ගියා ගියාමය නැවත ආපසු ආවේ නැත.
මත්පැන් තොගය ලබාදෙන බව පවසා එම මුදල් රැුගෙන ගිය පුද්ගලයාගේ දුරකතන අංකය ගැන හෝ ඔහු ගැන මේ තොරතුරු දුන් තම හිතවතාට මේ බව පැවසුවද ඔහුද යම් උගුලකට හසුවී ඇති බව වැටහුණි.
වැඩි වාසියක් ගැන සිතා ගොස් තමන්ගේ මුදලත් අදාළ භාණ්ඩත් නැති කරගත් මෙම ව්‍යාපාරිකයා මෙවන් බොරුකාරයන්ට හසු නොවන ලෙස දැන් තමන්ගේ හිතවතුන්ට උපදෙස් දෙනවලූ.

