සිය දෙමහල් නිවසේ වහලේ සිවිලිමේ සිට යාබද නිවසේ නිවසට පිටින් මුළුමනින්ම ආවරනය නොවූ (වටේට බිත්ති පමණක් බැඳ වහලක් හෝ කොන්ක‍්‍රීට් නොදැමූ) නාන කාමරයේ දිය නාන කාන්තාවන් පෙන්වීමට එක් අයෙකුගෙන් රුපියල් 50 බැගින් අයකරන තරුණයකු පිළිබඳ පුවතක් රූකඩවලට ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. හේ තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූ රූකඩවලට ප‍්‍රසිද්ධ නගරයක ජීවත්වන තරුණයෙකි.
මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසාම නිරන්තරයෙන්ම ඔහු ළඟ මත්කුඩු තිබෙන බව පොලිසියද දැන සිටියේය. එදා ද පොලිසිය ගියේ මොහු ළඟ මත්කුඩු තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුවය. ඔහු සිය නිවසේ පහත මාලයේ නොසිටි නිසා පොලිසිය ඉහළ මාලයට ගියේය.
එහිදී ඔහුගේ ඉහළ මාලයේ වහලේ සිවිලිමෙන් කසුකුසු හඬක් ඇසුණු පොලිසිය මේ පිළිබඳ විමසිලිමත් වූයේ ඔහු සිවිලිමේ සිට මත්කුඩු උරනවා ඇතැයි සැලකිල්ලට ගෙනය. ඒ අනුව සිවිලිමෙන් ඇතුලේ සිටි තරුණයන් දෙදෙනකු පොලිසිය එළියට ගත්තේය. සිදුව ඇති දේ පොලිසියට වැටහුණේ එවිටය.
මොහු මත්කුඩු බීම සඳහා මුදල් සොයා ගැනීමට භාවිතා කළ අලූත් ව්‍යාපාරයක් පිළිබඳව එහිදී හෙළිවිය. ඒ යාබද නිවසේ නාන කාමරය ඔහුගේ නිවසේ සිවිලිමේ සිට හොඳින් පෙනෙන අයුරින් සිදුරක් සාදා එම නිවසේ කාන්තාවන් නාන කාමරයේ නාන අයුරු තරුණයන්ට පෙන්වීමට එක් තරුණයකුගෙන් රුපියල් පනහ බැගින් අය කිරීමය.
මේ නිවසේ නාන කාමරයේ නෑමට කාන්තාවක් පැමිණි විගස ඔහු සිය ගනුදෙනුකාර තරුණයින්ට ජංගම දුරකතනයෙන් දන්වන්නේය. ඔහුගේ දැන්වීමට අනුව වරකට පැමිණෙන තරුණයින් දෙතුන් දෙනෙකුගෙන් එක් අයකුගෙන් රුපියල් 50 බැගින් ලබාගෙන ඔහු විසින් සිය නිවසේ වහලේ සිවිලිමට බොහොම සීරු මාරුවට නංවාගෙන මේ ව්‍යාපාරය ජයටම කරගෙන යන්නේය.

