වලස් සුරතලා මගුලත් කඩලා


ටෙඩි බෙයා නම් වලස් බෝනික්කකු විසින් මනාල යුවළක් ගොළුවන් බිහිරන් බවට පත් කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.

ඇය කුඩා කල සිටම මේ “ ටෙඩි බෙයා” තුරුළු කරගෙන නින්දට යාමට පුරුදුව සිටි අතර පසුගියදා යෝජිත මනාලයකු හා විවාහ වී මධුසමය ගත කිරීමට ගියේ ද මේ වලස් බෝනික්කා රැගෙනය. රාත්‍රි නින්දට සූදානම්ව මේ බෝනික්කා වැළඳ ගැනීම ගැන කෝපයට පත් මනමාලයා එම “ටෙඩි බෙයා” රැගෙන කාමරයෙන් එළියට වීසි කළේය. මෙයින් මද තැතිගැන්මට පත් ඇය ද තම වලස් බෝනික්කා ආපසු ගෙනත් දෙනතුරු ඔහු සමග කතා නොකරන බව කීවේ ස්ථිර හඬිනි.

මනාලයා මේ ඉල්ලීම ඉටු නොකළෙන් දෙවැනි ගමන දා මෙම දෙදෙනා අතර කතාබහ නොවීම දෙපාර්ශ්වයේම නැදෑයන්ගේ කතාබහට ලක් විය. මනාලියගේ මව දුවගෙන් කරුණු විමසීමේදී ඇය සිද්ධිය පවසද්දී මවට දෙවියන් සිහිවුණාලු.

(තිහගොඩ - උපසේන ලියනගම)