වතුර බිල බේරාගන්න වැසිකිළියට ඉබි යතුරුදාලා


මවගේ වයස අවුරුදු හැත්තෑ පහකි. ඇය දිනකට තුන් හතර වතාවක් මුත්‍ර කිරීමට වැසිකිළියට යෑම සිරිතය. 


දියණිය මෙයට කැමැත්තක් නොදැක්වූවාය. 


‘අම්මට මුත්‍රා කරන්න ඕනේ නම් ටොයිලට් එකටම යන්න ඕනේ නැහැනේ. වත්තේ ඕනෑ තරම් ඉඩ තියෙනවානේ. වත්තට ගිහිල්ලා ගස්වලට මුවාවෙලා ඔය වැඩේ කරන්නකෝ. මව මුත්‍ර කිරීමට යන සෑම විටකම දියණිය පැවසුවාය. 


දිනක්  දියණිය නගරයට ගොස් ආපසු පැමිණ වැසිකිළියට ගියවිට එහි දොර වසා තිබෙනු දැකගත හැකිවිය. ‘කව්ද ටොයිලට් එකේ? දියණිය විමසද්දී දොර විවෘත කරමින්  මව පිටතට පැමිණියාය. 


දියණිය වැසිකිළියට ගොස් තම කාර්යය අවසන් කර එළියට ආවාය. ‘අම්මේ මම හැමදාම කියනවානේ මුත්‍ර කරනවා නම් වත්තට යන්න කියලා. දැන් වතුර බිලත් හොඳටම වැඩිවෙලා. මම දොර ලොක් කරනවා යැයි පවසා දොරට ඉබි යතුරු දමා යතුර  රැගෙන දුව ගෙතුළට ගියාය. 
ක්‍රිස්ටෝපර්  සීපියන්
අනුරාධපුර