ලෝක විනාශයක් සිදුවෙතැයි තද විශ්වාසයකින් යුතුව කල්ගෙවමින් සිටි අයකු වසර අවසානයේ ලද මාසික වැටුප අන්තිම සතය දක්වා වැය කොට මිලදී ගත් දේ බිරිය දරුවන් සහ ඥාති පිරිස සමග බුක්ති විඳ ලෝක විනාශය සිදු නොවූ බැවින් ඉදිරි දින කීපය ගෙවා ගැනීමට මුදල් නොමැති කම නිසා ඥාතීන්ට යළි අතපෑමට සිදුවූයේ යයි කියන පුවතක් බස්නාහිර පළාතෙන් අසන්නට ලැබිණි.
හේ රජයේ සේවකයෙකි. මාසික වේතනයෙන් පමණක් ජීවත් වන්නෙකි. පාරම්පරික විශ්වාසයන් පිළිබඳ මුල්බැසගත්තෙකි. ලෝක විනාශයක් සිදුවේ යයි යන්නද තදින් විශ්වාස කර සිටි අයෙකි.
දෙසැම්බර් මස වැටුප අතට ලැබී ඇත්තේ ලෝක විනාශයක් සිදුවේය යන්න ඉලක්ක කරගෙන සිටි දිනට පෙර දිනය. අතට ගත් වේතනය අන්තිම සතය දක්වා වැය කොට මිලයට ගත් සියලූ දේ උයා පිහා එක රාත‍්‍රියක බුක්ති විඳ ඇත්තේ බිරිය දරුවන් ඇතුළු සියලූ ඥාතින් සමගය.
ලෝක විනාශයක් සිදු නොවූ බැවින් හේ පසුතැවිල්ලට පත්ව මාසයේ ඉදිරි දින කීපය ගෙවා දැමීමට තරම් මුදලක් නොමැති කමින් ඥාතීන්ට යළි අතපෑමට සිදුව ඇත.

