(තිහගොඩ උපසේන ලියනගම)
ලොතරැයි ටිකට් පත් හලෙන් දිනපතා ටිකට් පත් දෙතුන්සියයක් රැගෙන අලෙවි කිරීම ඔහුගේ රාජකාරිය විය. මෙම මුදලින් බිරිඳක් නඩත්තු කළද දරුවන් නැති නිසා ඉන් ලැබෙන ආදායම ඔහුට ප‍්‍රමාණවත් විය.
පසුගියදා පාපැදියෙන් ටිකට් පත් අලෙවි කරද්දී හදිසි හෘදයාබාධයකට ලක්ව ඇද වැටී රෝහල්ගත කළද ඔහුට ජීවත්වීමේ වාසනාවක් නොවීය.
මෙය දරාගත නොහැකිවූ බිරිඳ අවමඟුල් කටයුතු සඳහාවත් මුදලක් නැති හෙයින් ඔහුගේ පොත් අඩංගු යකඩ පෙට්ටිය අවුස්සා බැලීය. එහි වූ රාජ්‍ය බැංකු පොතක ඔහු නමින් රුපියල් දොළොස් ලක්‍ෂ විසි හතර දහසක් ඇති බව දැක මවිතයට පත්ව යහලූවන්ගෙන් ණයට මුදල් ගෙන අවමඟුල සිදු කළේය.
එහෙත් මෙය දැනගත් ඔහුගේ සොහොයුරන් දෙදෙනකු තම සහෝදරයා ඇය ස්ථිරව විවාහ කර නොගෙන ඇති බවත්, ඔහුගේ අන්තිම කැමති පත‍්‍රයක් නැති බවත් දැන මේ මුදලට අයිතිවාසිකම් කියනවලූ.
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් අසන්නට ලැබුණු පුවතකි.

