ලෙඩ බලන්න ගිය ඥාතියා රෝගියාගේ ඇඳේ දමලා


ලෙඩා බලන්න ගිය ඥාතිවරිය ලෙඩා ඇඳෙන් බස්සවා තමන් ඇඳේ වැතිර සිටීමේ පුවතක් ගමේ ගොඬේ කතා බහකින් අසන්නට ලැබුණේ මෙසේය.


ඒ නමින් කාන්තිය. එතරම් සමාජ ඇසුරක් නොමැති ඈ කුඩා සිද්ධියකින් කම්පනයට පත් වන්නියකි. එම නිසා ඇය හදිසි මළ ගෙවල්වලට සහ විපත්ති දායක ස්ථානවලට නොයන්නීය. එපමණක් නොව නිවසෙහි කිසිවකු ගේ හෝ කැසීම්, සීරීම් අවස්ථාවකදී ඇය සිහසුන්වීම සාමාන්‍ය දෙයකි. ඒබව නිවැසියන් සහ අසල් වැසියෝ දනිති.


දිනක් ඇගේ පුංචි අම්මා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් රෝගියා බලන්නට කාන්තිට යාමට සිදුවිය. කාන්ති රෝහලට ගොස් පුංචි අම්මාට රැගෙන ගිය දිවා ආහාර පාර්සලය දී සුහද කතාවක නිරත වූවා පමණි. ඇඟ පුරා ප්ලාස්ටර් බැන්ඬේජ් එතූ රෝගී කතක් ඔපරේෂන් කාමරයෙන් කාන්තිගේ ඥාතියා සිටි ස්ථානයේ ඇඳක් මතට රැගෙන ආවේය. කකුලක් ඉවත් කළ රෝගියා දුටු සැනින් කාන්තිට උන් හිටි තැන් අමතක විය.


පසුව කාන්තිට සිහිය එන විට කාන්තිගේ පුංචි අම්මා පසෙක සිට කාන්තිට පවන් සලනු දැකීමෙන් ලැජ්ජාවට පත්ව වහා ඇඳෙන් බැස වට පිට නොබලාම රෝහලෙන් පිටව ගිය ද එවකට සිටි වෛද්‍යවරයාද හෙද හෙදි කාර්යය මණ්ඩලය ද පැමිණීමටත් පෙර ඇය පිටත් වූයේ රෝහලේ ඇඳන්වල රෝගියා හැර සෙසු පිරිස්වලට වාඩී වීමටවත් ඉඩක් අවසරයක් නැති බව හොඳාකාරවම දන්නා නිසාය.
මේ ගැන ගමට ආරංචි ය පැතිර යන්නට ගත වූයේ හෝරා කීපයකි.


එතැන් පටන් කාන්තිට ඕනෑම සිද්ධියකට මුහුණ පෑමේ එඩිතර කමක් ඇති වීම පුදුමයට කරුණක් වීම නිසා ගමේ බොහෝ පිරිසක් කාන්තිට සෑම අවදානම් සිද්ධියක්ම දැනුම් දුන්හ. බොහෝවිට මේ වන විට පොදු විපත් කරදරවල දී ප්‍රමුඛයා වන්නේද කාන්ති වීම ම විශේෂත්වයකි.

මොරගොල්ලාගම සිසිර කැලේගම