(වැල්ලවාය අයි.ආර්. ඉන්දික)
මෙම රෝහල ප්‍රධාන නගරයක් ආසන්නයේ ඇති ජනප්‍රිය රෝහලකි. දිනපතා විවිධ හේතුන් නිසා පැමිණෙන රෝගීන්ගෙන් අඩුවක් නැත.

ඒ අතරතුර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලබන රෝගීන්ගෙන් මෙන්ම විවිධ අසනීප හේතුවෙන් ඇතුළු වන රොගීන්ගේ සාක්කුවලට බහින රෝහල් සේවකයකු හේතුවෙන් එම කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්ව ඇති පුවතක් වාර්තාවේ.
පසුගිය දිනෙක පැමිණි රෝගියකුගේ සාක්කුවෙන් කිසිවකු මුදල් සොරා ගන්නා බවක් දැනී ඔහු කෑ ගසා තිබේ. එවිට සොරාගත් මුදලින් කොටසක් ආපසු දී ඇති අතර පසුදිනක තවත් එවැනිම රෝගියකුගේ සාක්කුවේ තිබූ මුදලක් සොරාගෙන ඇත්තේ කිසිවකුටත් සැක නොහිතෙන පරිදිය. එහෙත් එය ද රෝහලේ වෙනත් සේවකයකු දැක තිබේ.
ඇතැම් අවස්ථාවල මෙම සේවකයා මෝචරියේ රාජකාරියට වැටෙන අතර එහිදී මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් පවා මුදල් ලබාගන්නා අවස්ථා ඇති බව ද රෝහල් සේවකයෝ පවසති.
මේ ගැන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අවස්ථා ගණනාවකදීම අවවාද කළ ද පලක්වී නැති බව රෝහල් සේවකයෝ පවසති.
රෝහලේ කීර්ති නාමයට මෙවැනි පුද්ගලයන්ගෙන් දැඩි හානියක් සිදුවන බව ද රෝහල් සේවකයෝ කියති.

