ඔහු මාලදිවයිනේ සංචාරක නිකේතනයක සේවය කරන විධායක නිලධාරියෙකි. සංචාරකයන් සඳහා ආහාරපාන ලබාදෙන භෝජනාගාරයෙන්ම ආහාර ලබාගන්නා මෙම විධායක නිලධාරියා දිනක් දිවා ආහාරය සඳහා ගොස් සිටියදී ලූනු සම්බෝලයක රස බැලීමේ අවශ්‍යතාව දැනුන නිසා බංගලාදේශ ජාතික වේටර්වරයකු අමතා වේටර්වරයාට තේරෙන ලෙස කැඩුණු ඉංග‍්‍රීසියෙන් පැවසුවේ ලූනු සම්බෝලයක් සාදාගෙන එන ලෙසයි.
වේටර්වරයාට මෙම විධායක නිලධාරියා කියා ඇත්තේ බී අනියන් සෝල්ට් පෙපර් මික්ස් යනුවෙනි. ටික වේලාවකින් විධායක නිලධාරියාගේ මේසයට අදාළ භාජනය රැගෙන පැමිණි වේටර් කොලූවා එන්ජෝයි සර් කියමින් පිටව ගියේය. බී ලූනු සම්බෝලයේ බී ලූනු නොමැති බවත් පැණි වැනි යමක් මිශ‍්‍රව තිබූ නිසාත් පෙර කී විධායක නිලධාරියා අදාළ වේටර් කොලූවා කැඳවා ලූනු සම්බෝලය සෑදු ආකාරය විමසීය. සර් කියපු විදියට මම බීහනි දාලා සෝල්ට් පෙපර් දාලා තමයි ගෙනාවේ යැයි කැඩුණු ඉංග‍්‍රීසියෙන් කී වේටර් කොලූවා සිදුවූ දෙය ගැන සමාව ඉල්ලීය.

