බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි.
මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.
ඒ අනුව දෙල් පැසුණු විට ඒවා කඩා වෙළෙඳසල් කිහිපයකට දැමුවේය. මුලින්ම ගමේ වෙළඳසලට රුපියල් 120 කට දෙල් ගෙඩි විස්සක් අලෙවි කළේය.
ඉතිරි දෙල් තවත් වෙළඳසල් කිහිපයකට දැමුවේය. එම වෙළඳ සල් හිමියන් දෙල් ගෙඩියකට රුපියල් 175 බැගින් දුන්නේ ය.
දෙයියෝ සාක්කි, අපරාදෙ මම අර දෙල් ටික 120 ට දුන්නේ. සල්ලි ආපසු දීලා දෙල් ටික අරගෙන මේ කඩවල්වලට දෙන්න ඕනි. ගොවියා සිතුවේය.
ඒ අනුව වහාම ගමේ වෙළඳසලට ගොස් ආපසු දෙල් ටික ඉල්ලුවේය. ඒ වන විටත් දෙල් ගෙඩි කිහිපයක් අලෙවි වී තිබිණි.
එහෙම දෙන්න බැහැ ඕනි නම් රුපියල් 150 ගානෙ දෙන්නම්. දැන් දෙල් ටික මගේ. මුදලාලි කීවේය. මුදලාලි ද කයිරාටිකයෙකි.
කමක් නැහැ මුදලාලි ආපසු දෙල් ගෙඩි ටික දෙන්න. අසවල් කඩේට දුන්නොතින් රුපියල් 25 ක ලාභයක් තියෙනවා ගොවියා කල්පනා කළේය.
ඒ අනුව ඉතිරි දෙල්ගෙඩි ටික ආපසු රැගෙන වෙනත් වෙළඳ සලකට අලෙවි කිරීමට ගියේය.
එම වෙළඳසලේ මුදලාලි ද කපටි කයිරාටිකයෙකි. කලින් ගාණට නම් ගන්න බැහැ ඕනි නම් රුපියල් 125 ගානෙ දෙන්නම්. ගොවියාට තරු පෙනුනේය.
කමක් නැහැ මුදලාලි එහෙනම් 125 ගානෙ දෙන්න. වැඩි ලාබ ගන්න ගොස් ගොවියාට අතින් රුපියල් 25 ක පාඩුවක් සිදුවිය.