(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
ප‍්‍රධාන දුම්රිය ස්ථානයකට රාත‍්‍රී පැමිණි මගියකු අත එල්.ඊ.ඩී.වර්ගයේ රූපවාහිනියක් විය. තමන්ගේ ගමනාන්තයට ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගත් ඔහු ඇතුළුවන දොරටුව වෙත පැමිණියේය. ටිකට්පත පරීක්ෂා කළ දොරටුව අසල සිටි නිලධාරියා රූපවාහිනිය දෙස බලා එය ගෙනයාමට සල්ලි ගෙවන්න ඕනේ යනුවෙන් පැවසීය.
මේක බර නැහැනේ. අතේ අරන් යන්න පුළුවන් නේ. මගියා පැවසූවිට එහෙම කරන්න බැහැ නිලධාරියා කීය.
මේ වෙලාවට ඔෆිස් එක වහලා. දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි. මගියා කාරුණිකව පැවසීය.
එවිටම දුම්රිය නියාමකවරයා දුම්රියට යෑමට සංඥා කරනු දැකගත හැකිවිය. එහෙනම් මට කීයක් හරි දීලා යන්නැයි පැවසූ නිලධාරියා අත රුපියල් පනහක් තැබිණි. ‘‘අපෝ මේක මදි’’ හෙතෙම පැවසූවිට, ‘‘ඔච්චරයි තියෙන්නේ’’ පැවසූ මගියා දුවගොස් දුම්රියට ගොඩවිය.

