එක්තරා රූපවාහිනි රූපලාවන්‍ය වැඩසටහනකට සවන් දුන් මෙම ප‍්‍රදේශයේ සිවුදරු මවකට දින ගණනක් වෛද්‍ය ප‍්‍රතිකාර ලබන්නට සිදුවී යැයි අසන්නට ලැබුණි. එම කතා පුවත මෙසේය. මෙම ප‍්‍රදේශයේ සිවුදරු මවක් එක්තරා රූපවාහිනියක රූපලාවණ්‍ය වැඩසටහනක් නරඹමින් සිටියාය.
එහිදී කියැවුණේ මුහුණේ පිරිසුදු බව රැකගැනීම ගැනය.
මෙය අසා සිටි කාන්තාව නිවෙසට ගෙනවුත් තිබූ රූපවාහිනි වැඩසටහනේ කියැවූ ද්‍රව්‍ය රාත‍්‍රී කාලයේ හොඳින් මුහුණේ උලා නින්දට ගියාය. පසුදින අලූයම ඇය අවදිවන විට මුහුණ ඉදිමිලාය. ඇයට ඇයව හඳුනාගත නොහැකි තරමටම මුහුණ ඉදිමිලාය. කළ හැකි කිසිවක් නොවූ ඇය මුහුණ රෙද්දකින් වසාගෙන වෛද්‍යවරයකු වෙත ගියාය.
වෛද්‍යවරයා ඇගේ මුහුණ දැක කීවේ විෂබීජයක් හේතුවෙන් මුහුණ ඉදිමී ඇති බවකි. ඇයට වෛද්‍යවරයාගේ ගාස්තුවත් ඔසුසලේ බෙහෙත්වලටත් රුපියල් දහසකට වැඩි මුදලක් වැය කෙරුණි. ඇගේ මුහුණේ ඉදිමුම බැස ගියේ දින හතරකට පසුවය.

