රුපියල් පනහත් අරන් අමුමිරිස් වෙළෙන්දා මාරුවෙලා


දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ග‍්‍රාමීය උප නගරයකි. විශ‍්‍රාමික ලිපිකරුවකු වූ ඔහු යතුරුපැදියෙන් එහි ගියේ පාසල් දරුවකුට වුවමනා පොත්පත් ගැනීමටය. පොත්පත් මිලදී ගෙන එන මොහොතේ වෙළෙඳ සල් අසළට ආ තැනැත්තකු තම ගෝනියේ වූ අමුමිරිස් තොගය විවෘත කොට ඒවා කිලෝව රුපියල් හැට ගණනේ විකිණීය.

මෙය විශාල ලාභයක් බව දැන එතැනට විශාල පිරිසක් එක් වූ අතර විශ‍්‍රාමික ලිපිකරුවා ද ඒ අසළට ගොස් අමුමිරිස් කිලෝවක් ඇනවුම් කළත් ඔහු ළඟ ඉතිරිවී තිබුණේ රුපියල් පනහකි.

එම මුදල වෙළෙන්දාට දී ” මම ඉතිරි සල්ලි ඉක්මනට දෙනවා. මටත් කිලෝවක් වෙන් කරන්න” කියා නිවසට ගොස් මුදල් රැුගෙන ආවේ කඩිනමිනි. එහෙත් ඔහු එනවිට වෙළෙන්දා එතැන නොවීය. කලබලයෙන් වට පිට බලන විට ඔහු දුටුවේ අවට කඩ කීපයකම අමුමිරිස් විකුණන බවය.

වෙළෙඳපළේ සිටි කොලූවකු ”සීයක් සීයයි” කියමින් කෑගසනු දුටු ඔහුට දෙවියන් සිහිවූයේ අතේ තිබුණු රුපියල් පනහත් නැති වූ බැවිනි.