තමාගේ ඉඩමට පැමිණෙන රිළවුන් බයකොට එළවීමට වෙස්වලාගෙන ඉඩමේ ඇවිදපු පුද්ගලයකුට අවට ඉඩම් හිමියන් විසින් ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වූ පුවතක් හේවාහැට පෙදෙසින් වාර්තා වේ.
හේවාහැට ප‍්‍රදේශයේ රිළා රංචුවල ව්‍යාප්තිය වැඩිවීම නිසා ඉඩකඩම්වල ඇති ගස්වල කිසිම ඵලදාවක් රැුක ගැනීමට නොහැකි නිසා තම ඉඩම්වලට පැමිණෙන රිළවුන් පැන්නීමට නොයෙක් ක‍්‍රම අනුගමනය කිරීමටත් නොයෙක් ක‍්‍රම අත්හදා බැලීමටත් ගම්මු පුරුදු වී සිටිති.
රතිඤ්ඤා දැමීම, අහස් වෙඩි දැමීම, විශාල ටක එල්ලීම වැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ප‍්‍රදේශයේ පුද්ගලයකුට තවත් අපූරු අත්හදා බැලීමක් කරන ලෙස හිතවතෙක් උපදෙස් දී ඇත. එනම්, මුහුණ ද ඇතුළු මුළු සිරුරම වැසෙන සේ කළු කබායක් ඇඳගෙන රිළවුන් පැමිණෙන විට එම ඉඩමට වී සිටින ලෙසයි. එවිට රිළවුන් එම රූපයට බය වී පලා යන බවත් නැවත කාලයක් යනතුරුත් ඔවුන් මෙම ඉඩමට නොපැමිණෙන බවත්ය.
ඒ උපදෙස අනුව දිනක් රිළවුන් පැමිණෙන විට කළු කබායක් හැඳගෙන ඉඩමේ ඇවිදින්ට පටන්ගෙන ඇත. මෙය දුටු තරුණයෙක් කෑගසා මෙම වෙස්වලාගත් පුද්ගලයාට ගල් ගසා ඇත. එම සද්දයට අවට ඉඩම්වල අයද පැමිණ ඇත.

