රියැදුරු කොන්දොස්තරවී ජංජාලයක්


මාර්ග අංකය 255 ය. දිනය ඉකුත් 15 වැනිදාය.

වේලාව 7.45ට පමණ ඇත. පිම්මේ හඹා ගිය බස් රථය බස් නැවතුම්පළවල් කිහිපයකින් මගීන් නංවා ගැනිණි. බස් රථය නැවත නැවතුමක නවත්වා මගීන් නංවයි, බස්සයි.

ඊයේ යාමට තිබූ ගමනක් යන ආකාරයෙන් නැවත ධාවනය කරයි. කොට්ටාව පිළියන්දල මාර්ගයේ බස් නැවතුමේ බසය නතර කෙරිණි. බස් රථය තුළ විශාල මගී පිරිසකි. බසයට නගින්නට පොරකන පිරිස ද විශාලය. කොන්දොස්තර බස් රථයේ පිටුපස දොරෙන් මගීන් නංවයි. ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඔහු කෑ ගසයි.

රියැදුරු ඉදිරිපස දොරටුවෙන් මගීන් නංවයි. ‘‘පස්සට යන්න පස්සට යන්න’’ ඔහු කෑ ගසයි. මගීහු අන්දමන්ද වෙති. රියැදුරු තැන මහහඬින් කෑගසමින් මගීන් නංවයි. මගීන් නංවා අවසන් වූ තැන ඔහු මහ හඬින්ම හරි රයිට් යන් යැයි කෑගැසීය. තදබදයේ හිරවී සිටි නමුත් මගීන් මහ හඬින් සිනාසෙන්නට විය.

රියැදුරට යමක් වැරදුණ බව වැටහිණි. ඔහු තව ටිකක් තප්පර ගණනක් සිට හරි මමනේ යන්න ඕනෑයැයි කියමින් ගියරය මාරු කර බස් රථය ඉදිරියට ඇද්දුවේය.